ආනයන සඳහා සියලු ගෙවීම් බැංකු ක්‍රමය හරහා ගෙවීම අනිවාර්ය කිරීමට තීරණයක්

පොලී අනුපාත අඩු කිරීමේ වාසිය ජනතාවට නොදුන්නොත් බැංකුවලට ඉලක්ක ලබා දීමට සිදු වේ - මහ බැංකු අධිපති

පොලී අනුපාත අඩු කිරීමේ වාසිය ජනතාවට නොදුන්නොත් බැංකුවලට ඉලක්ක ලබා දීමට සිදු වේ - මහ බැංකු අධිපති

ආනයන සඳහා සියලු ගෙවීම් බැංකු ක්‍රමය හරහා ගෙවීම අනිවාර් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

උණ්ඩියල් සහ හවාලා වැනි ක්‍රමවේද ඔස්සේ බැංකු ක්‍රමයට පිටතින් සිදුවන විදේශ මුදල් හුවමාරු පාලනය කිරීම සඳහා එම පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ.

විදේශ විනිමය අනුපාත මේ වන විට සාධාරණ මට්ටමක පවතින බැවින් බැංකු පද්ධතිවලින් පිටත ක්‍රම හරහා විදේශ මුදල් ගණුදෙනු කිරීමෙන් වළකින ලෙස සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බවද මහ බැංකු අධිපතිවරයා එහිදී කියා සිටියා. මෙම වැඩසටහන්වල ප්‍රගතිය අනුව මාස දෙකක් හෝ තුනක පමණ කාලයකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට හැකිවනු ඇති බවටයි මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කළේ.

මේ අතර හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වරක් ප්‍රකාශ කර තිබුණේ උණ්ඩියල් සහ හවාලා වැනි ගෙවීම් ක්‍රම ඔස්සේ සිදුකෙරෙන විදේශ විනිමය ගණුදෙනු හේතුවෙන් මෙරට ආර්ථිකයට බලපෑමක් එල්ලනොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *