සබන් මිල 100% කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළට

සබන් මිල 100% කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළට

සබන් මිල 100% කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළට

සබන් මිල සියයට 100 කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට සබන් ආනයනික සමාගම් කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ වැඩිම ජනප්‍රිය සබන් වර්ගයක් වන රුපියල් 70ක් පැවැති ග්‍රෑම් 115 සන්ලයිට් කැටයක් රුපියල් 135ක් දක්වාද, රුපියල් 74 ක්ව පැවති බේබි සබන් කෑල්ලක් රුපියල් 175ක් දක්වාද, රුපියල් 75ක් පැවැති ලයිෆ්බෝයි සබන් කැටයක් රුපියල් 145දක්වාද, ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

මෙම මිල ඉහළ දැමීමත් සමග සබන් කුඩු සහ සබන් දියර ආදී සබන් ආශ්‍රිත සියලුම නිෂ්පාදනවල මිල සියයට 100 කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර දත් බුරුසු, දත් බෙහෙත් සහ ෂැම්පු වර්ගවල මිල ඉහළ දමා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *