චීන ප්‍රාථමික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ චීන යුවාන් ලක්ෂයක මුදලක් ශ්‍රී ලංකාවේ දරු දැරියන් වෙත පරිත්‍යාග කරයි

චීනයේ Caihe No.3 ප්‍රාථමික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ චීන යුවාන් ලක්ෂයක මුදලක් ශ්‍රී ලංකාවේ දරු දැරියන් වෙත පරිත්‍යාග කරනු ලැබූහ. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව නිවේදනය කළේය.

Caihe No.3 ප්‍රාථමික පාසලේ දරු දැරියන් පාසල් යෑමට නිවසින් පිටත්වෙන විට මව්පියන් වියදම් කිරීම සඳහා ලබා දෙන මුදල ඉතිරි කර ගනිමින් එය ශ්‍රී ලංකාවේ දරු දැරියන් වෙත පරිත්‍යාග කර ඇත.

ශ්‍රී ලංකාවේ අඩු අදායම්ලාභී දරු දැරියන් 1000 කට වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මෙම මුදල ප්‍රයෝජනවත් වනු ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වැඩි දුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *