රටවල් කිහිපයකම පරිත්‍යාග ලෙස ලබා දෙන ඖෂධ ශ්‍රී ලංකාවට

ඇමෙරිකාවෙන් මෙරටට රු. කෝටි 1750ක ඖෂධ නොමිලේ

ඇමෙරිකාවෙන් මෙරටට රු. කෝටි 1750ක ඖෂධ නොමිලේ

මාස කිහිපයක් ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිව තිබු ඖෂධ සහ ශල්‍ය උපාංග සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට හැකි වී තිබෙනවා. එලෙස ණයවර ලිපි විවෘත කර ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 19යි දශම 2කට අදාලව ඖෂධ 186ක් සඳහාත්, යුරෝ එක් ලක්ෂ 75,000 කට අදාල වන ඖෂධ සහ ශල්‍ය උපාංග 12ක් සඳහාත්, ශ්‍රී ලංකා රුපියල් බිලියන 3යි දශම 7 කට අදාල වන ඖෂධ, ශල්‍ය උපාංග සහ වෛද්‍ය පාරිභෝජක ද්‍රව්‍ය 73ක් සඳහායි.

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසන්නේ ඉන්දියානු රජය පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101ක් ලබන බදාදා මෙරටට පැමිණෙන බවයි. එමෙන්ම ඉන්දුනීසියානු රජය ලබා දුන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 340ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගයද සතියක් ඇතුලත ශ්‍රී ලංකාවට ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන අමෙරිකානු ඩොලර් මිලියන 1යි දශම 3යි 7 වෛද්‍යාධාර මැයි මස පළමු සතියේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. තායිලන්ත රජය ලබා දෙන ශ්‍රී ලංකා රුපියල් මිලියන 340 වටිනා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග ද මැයි මස පළමු සතියේ ශ්‍රී ලංකාවට ලැබීමටයි නියමිතව ඇත්තේ. සිංගප්පූරු රතු කුරුස සංවිධානය ද ශ්‍රී ලංකා රුපියල් මිලියන 340 වටිනා ඖෂධ, ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබා දෙන බව තහවුරු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

මෙලෙස ඖෂධ තොග මෙරටට ලැබීමට නියමිතව ඇත්තේ රට තුළ දැඩි ඖෂධ හිඟයක් මතුව ඇති පසුබිමකයි. පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය පවසන්නේ මෙරට පෞද්ගලික රෝහල්වල සහ ඔසුසැල්වල අද වනවිට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 76ක දැඩි හිගයක් පවතින බවයි.

ශල්‍යකර්ම සඳහා භාවිත කරන ඖෂධ, නිර්වින්දන ඖෂධ මෙන්ම ප්‍රතිජීවක ඖෂධ හා පිරිටන් ද ඒ අතරට අයත්. කෙසේවෙතත් මුදල් අමාත්‍ය අලි සබ්රි පැවසුවේ මෙරටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 21යි දශම 7ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *