මේක හරියන්නේ නැහැ ඕකුන්ට වෙඩි තියලා මරපන්! – ජ්‍යෙෂ්ඨ නිලධාරියා

වෙඩි තියපු අයයි වෙඩි තියන්න අණ දුන් අයයි වහාම අත්අඩංගුවට ගන්න - කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය

වෙඩි තියපු අයයි වෙඩි තියන්න අණ දුන් අයයි වහාම අත්අඩංගුවට ගන්න - කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය

රඹුක්කන උද්ඝෝෂණයේදී පොලිස් වෙඩි පහරින් මියගිය හිරිවඩුන්න, රඹුක්කන ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වූ 41 හැවිරිදි චමින්ද ලක්ෂාන්ගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය (21)වැනි දා රඹුක්කන මහේස්ත්‍රාත් වාසනා නවරත්න ඉදිරියේ පැවැත්වූ අවස්ථාවේදී සාක්ෂි ලබාදෙමින් ඇසින් දුටු (දෙවැනි) සාක්ෂිකරු මෙසේ ප්‍රකාශ කළේය.

“සිද්ධිය වුණ තැන සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා ‘කදුළුගෑස් ගහන්න’ කියලා. ත්‍රීවිල් එකට මුවාවෙලා හිටිය පොලිස් නිලධාරීන් තුන්දෙනා කඳුළු ගෑස් ගැහැව්වා. ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා “මේක හරියන්නේ නැහැ ඕකුන්ට වෙඩි තියලා මරපන්’ කියලා. එතකොටම පොලීසියෙන් අපිට වෙඩි තිබ්බා. පොලීසිය දුවන මිනිස්සු පස්සේ පන්න පන්නා වෙඩි තිබ්බා.”

මෙහිදී නිතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්නන සහ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නිතීඥවරුන් වන සරත් ජයමාන්න, රියෙන්ස් අර්සකුලරත්න, උපුල් ජයසූරිය, මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන් සමග නිතීඥ තේජිත කෝරලගේ, නිතීඥ චමින්ද අතුකෝරාල යන මහත්වරුන් ප්‍රමුඛ නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම මරණ පරික්ෂණයට අදාළ සාක්ෂි ආරම්භ වීමේදී නිතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්නන අධිකරණය හමුවේ පෙනී සිටිම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයේ නිතීඥවරුන් අධිකරණයෙන් කරුණු විමසීමක් සිදුකළේය. මෙම මරණ පරීක්ෂණයේදී නිතිපතිවරයා නියෝජනය කරන්නේ කවුරුන්දැයි එහිදී මහේස්ත්‍රාත්වරිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් විමසා සිටි අතර පොලීසිය වෙනුවෙන් තමන් පෙනී සිටින බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නේය.

 

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *