ලබන 25 තෙක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කිරීමට නොහැකී – ලිට්‍රෝ සමාගම

0
ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

තොග නොමැති වීම හේතුවෙන් ලබන 25 වැනිදා දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකි බව ලිට්‍රෝ සමාගම පවසයි.

ගෑස් තොග අවසන් වීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට සැපයීම ලිට්‍රෝ සමගාම නවතා දමනු ලැබුවේ, පසුගිය 12වැනිදා සිටයි.

එහි නිලධාරියෙකු පැවසුවේ, ලබන 25වැනිදා හා 26වැනිදා ගෑස් මෙට්‍රික් ටොන් 3600 බැගින් වූ නෞකා දෙකක් දිවයිනට සේන්දු වීමට නියමිත බවයි.
ඉන් අනතුරුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් යළි නිකුත් කිරීමට හැකි වෙතැයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

කෙසේ වෙතත් කර්මාන්ත ශාලා, රෝහල්, ආදාහනාගාර වැනි අත්‍යශ්‍ය සේවා සඳහා ගෑස් නිකුත් කිරීම අඛණ්ඩ සිදු කරන බවද ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේය.

මේ අතර ගෑස් හිඟය හේතුවෙන් මේ වනවිට ජනතාව පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com