ආසියාව ලෝක බලවතුන්ගේ චෙස් ලෑල්ලක් නෙමෙයි – චීනයේ විදේශ ඇමති වැං යි

ආසියාව ලෝක බලවතුන්ගේ චෙස් ලෑල්ලක් නෙමෙයි - චීනයේ විදේශ ඇමති වැං යි

ආසියාව ලෝක බලවතුන්ගේ චෙස් ලෑල්ලක් නෙමෙයි - චීනයේ විදේශ ඇමති වැං යි

ආසියාව යනු ලෝකයේ බලවතුන් එකිනෙකා සමග සටනට වැදෙන ‘චෙස් ලෑල්ලක්” නොවන බව චීනයේ විදේශ ඇමති වැං යි පවසයි. රුසියාවේ යුර්ෂ ආක්‍රමණය හමුවේ මතුව තිබෙන භූදේශපාලනික අර්බුදකාරි තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කරයි. පසුගිය සති දෙකේදී තමන් නිරත වූ ආසියානු කලාපීය රාජ්‍යයන්හි නිල සංවාරයෙන් අනතුරුව සඳුදා දිනයේදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කිරීමත් විශේෂත්වයකි.

මෙහිදී ඔහු පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව සහ නේපාලය යන ආසියානු රාජ්‍යයන්හි සංචාරය කරමින් එම රාජ්‍යයන්හි නායකයන් ඇතුළු දේශපාලන කණ්ඩායම් හමුවිය. ඒ අනුව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති චීන විදේශ අමාත්‍යවරයා මෙම රුසියානු යුක්රේන අර්බුදයේ වර්ධනය අග්නිදිග ආසියානු කලාපීය රාජ්‍යයන්ද ඇතුළුව බොහෝ දියුණු වෙමින් පවතින රාජ්‍යයන් වෙත දැඩිව බලපෑම් එල්ල කර තිබෙන බව පවසා තිබේ.

“මෙහිදී ඒකපාර්ශ්වික ලෙස වැටී ඇති සම්බාධක හේතුවෙන් ගෝලීය කර්මාන්ත දාමය සහ සැපයුම් දාමය වෙත දැඩි ලෙස බලපෑම් එල්ල වෙලා. ඒ අනුව මෙම අර්බුදය සඳහා වඩාත් හොද විකල්පය වන්නේ යුද්ධයද, එසේත් නැත්නම් සම්බාධකද යන්න ගැන අද වනවිට අග්නිදිග ආසියානු කලාපීය රටවල පොදු එකගත්වයක් පැමිණ තිබෙනවා.” යනුවෙන්ද ඔහු පවසයි.

ඒ අනුව මෙම අවස්ථාවේදී ජාත්‍යන්තර ප්‍රජාව අතින් සිදුවිය යුතුව ඇත්තේ ඇවිලෙන ගින්නට තවත් ඉන්ධන යෙදිම නොව සාමය සහ සාකච්ඡාවන් ප්‍රවර්ධනය කිරීම බවත් ඔහු අවධාරණය කර තිබේ. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ “අභිප්‍රායන් සහ ප්‍රතිපත්ති” යටතේ යම් රටක ස්වෛරිත්වය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂව සම්බන්ධයෙන් ගරු කිරීමක් පැවතිය යුතු බවත්, එහිදී ‘දෙබිඩි පිළිවෙත් අනුගමනය සුදුසු නොවන බවත් ඔහු පවසයි‍.

“එක් රටක ආරක්ෂාව තවත් රටවල ආරක්ෂක වියදම් සමග සන්සන්දනය කරන්න බැහැ. ඒ වගේම කලාපීය ආරක්ෂාව කියන දේ ආරක්ෂක බලමුළු ශක්තිමත් කිරීමකින් සහතික කරන්නත් බැහැ.” ඒ අනුව ජාත්‍යන්තර ප්‍රජාව දැන්වත් මෙවැනි අර්බුදයක් අවස්ථාවකදී මිතුරන්ගේ හෝ සතුරන්ගේ පැත්ත නොගෙන කටයුතු කළ යුතුව ඇති බවත්, ඒ හරහා තවත් සීතල යුද්ධයක මානසිකත්වයක් ඇති නොකළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. “ආසියාව කිසිදු විටෙකත් මෙවැනි ලෝක බලවතුන් එකිනෙකා ඇනකොටා ගත්තා චෙස් ලෑල්ලක් බවට පත්වීම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ආසියානු රටවල් මේ ලෝක බලවතුන්ගේ ගැටුම්වලදී උකසට තැබිය හැකි දෙයක් නෙමෙයි.”

චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.ඒ අනුව යුක්රේන අර්බුදය හමුවේ බටහිර රාජ්‍යයන් රුසියාව සම්බන්ධයෙන් පැනවූ සම්බාධක දැඩි ලෙස විවේචනය කර ඇති අමාත්‍යවරයා, ඒ හරහා රුසියාව වෙත අනවශ්‍ය හානියක් සිදුවන බවත්, එය චීනයේ හවුල්කරුවෙකු සමග සිදුකරන වෙළඳ සබදතා වෙත බලපාන බවත් පෙන්වා දෙයි. කෙසේ වෙතත් මෙම රුසියානු – යුක්රේන අර්බුදය අවස්ථාවේදී චීනය රුසියාවට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට සහ රුසියාවට අවශ්‍ය යුද ආධාර ලබාදෙන බවට බටහිර රාජ්‍යයන් සිදුකර චෝදනාද අමාත්‍යවරයා ප්‍රතික්ෂේප් කර සිටියි. ඒ අනුව මේ කරුණු සියල්ලම බටහිර රාජ්‍යයන් විසින් සිදුකරන වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම් බව ඔහු පෙන්වා දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *