පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමට පවතින බාධා ඉවත් කරන්න – අගමැති

පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමට පවතින බාධා ඉවත් කරන්න - අගමැති

පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමට පවතින බාධා ඉවත් කරන්න - අගමැති

විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමට පවතින බාධා ඉවත් කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේදීයි අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබාදී ඇත්තේ. අමාත්‍යංශය යටතේ පවතින ආයතනවල ප්‍රගතිය එහිදී සමාලෝචනයට ලක් වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉන්ධන භාවිතයෙන් උත්පාදනය වන විදුලි ඒකකයක් සඳහා රුපියල් 60කට වැඩි වියදමක් දරන බවත්, පුනර්ජනනීය බලශක්තිය මගින් උත්පාදනය වන විදුලි ඒකකයක් රුපියල් 20ක පමණ අවම වියදමකින් ලබා ගත හැකි බවත් මෙහිදී හෙළි වී තිබෙනවා.

විදුලිබල මණ්ඩල පනත වර්තමානයට ගැලපෙන ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව මහජන උපයෝගිතා කොමිසම එහිදී පෙන්වා දුන් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

පුනර්ජනනීය බලශක්තිය මඟින් උත්පාදනය කරන විදුලි ධාරිතාව ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කිරීමේ දී විදුලිබල මණ්ඩලය මන්දගාමීව කටයුතු කරන බවට ද එම සාකච්ඡාවේ දී කරුණු ඉදිරිපත් වුණා.

වර්තමාන විදුලි අර්බුදයට වහා විසඳුම් අවශ්‍ය බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා, විදුලි අර්බුධයෙන් පීඩාවට පත් ජනතාවට හැකි ඉක්මනින් අඛණ්ඩව විදුලිය සැපයිය යුතු බව පෙන්වා දී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *