කාබනික පොහොර වලට මාරු වීම නිසා අස්වැන්න අඩු වුනත්, රටේ ඩොලර් ඉතුරු වූනා – ඇමති එස්.එම් පවසයි

කාබනික පොහොර හා රසායනික පොහොර හුවමාරුවේදී ගොවි ජනතාවගේ අස්වැන්න 25% ක්, 30% ක් පොදුවේ අඩු නමුත් පොහොර ගෙන්වන්නට යන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරි වීම නිසා අස්වැන්න අඩු වීම හා ඩොලර් පාවිච්චිය අතර බැලූ විට ලොකු පාඩුවක් සිදු වී නැතැයි ඉඩම් ඇමති එස්.එම් චන්ද්‍රසේන මහතා, අනුරාධපුර මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී “රන් බිමට පණ දෙන ඉඩම් ප්‍රථිසංස්කරණ කොමිෂන් සභාවේ උතුරු මැද පළාත් කාබනික පොහොර ව්‍යාපෘතියේ ” දෙවන අදියර සමාරම්භක අවස්ථාවට ඒක් වෙමින් මේ බව ප්‍රකාශ කර සිටියේ.

එහිදී නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර ඉදිරි යල් කන්නය ඉලක්ක කර ගනිමින් , නේචර් සීක්‍රට් ආයතනයේ ඉකෝ ප්‍රොටෙක්ට් ඉංජිනියරින් පෞද්ගලික සමාගම හා එක්ව කොම්පෝස්ට් පොහොර වැඩිදියුණු කර කාබනික කැට පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියකට යොදා ගැනීමට නියමිතය.ඒ අනුව ඒ සඳහා ගිවිසුම් ගත වීමද ඉඩම් ප්‍රථිසංස්කරණ කොමිෂන් සභාව එහිදී සිදු කරනු ලැබීය.

එමෙන්ම යල කන්නය සඳහා කාබනික පොහොර නිෂ්පාදනය සමාරම්භ කරමින් ඉඩම් අමාත්‍යය එස්.එම් චන්ද්‍රසේන මහතා කාබනික පොහොර පාත්ති සැකසීම සමාරම්භ කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *