බැංකු පද්ධතිය ස්ථාවරයි – ශ්‍රී ලංකා මහ බැංකුව

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
මෙරට බැංකු පද්ධතිය ස්ථාවර බව සහ රාජ්‍ය බැංකුවල මෙහෙයුම් කටයුතු සුමට අයුරින් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ ඒ සම්බන්ධව මහජනතාව සහ සියලු වගකිවයුතු පාර්ශ්වයන් වෙත සහතික වෙන බවයි. මෙරට බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදුකර ඇති යම් යම් ප්‍රකාශ නිවැරැදි නොවන බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙරට බැංකු පද්ධතිය සහ රාජ්‍ය බැංකු සම්බන්ධයෙන්ද එලෙස සහතික වෙන බව මුදල් අමාත්‍යාංශයද ප්‍රකාශ කරයි.