මගහැරුනු වචනයක් නිසා ලියැවුණු පොතක් – The dictionary of lost words

1857 වසරේ ලන්ඩනයේ වාග් විද්‍යා සංගමයට අයත් “ලියාපදිංචි නොකළ වචන කමිටුව” (The Unregistered Words Committee) ස්ථාපිත කිරීමත් සමඟ, 1755 වසරේ සැමුවෙල් ජොන්සන් සම්පාදනය කළ ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුප්‍රාප්තිකව ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය සම්පාදනය කිරීමේ වැඩ කටයුතු ඇරඹුණේය. ඒ සඳහා ප්‍රථමයෙන් බඳවා ගත් සංස්කාරකවරුන් දෙදෙනාම අතින් එම කාර්යය එතරම් සාර්ථකව සිදු නොවුණු නිසා, ඉන් වසර විසි දෙකකට පසු ආචාර්ය ජේම්ස් මරේ නම් ස්කොට්ලන්ත ජාතික වාග් විද්‍යාඥයා ප්‍රධාන සංස්කාරක ලෙස බඳවා ගන්නා ලදි. ඔහු එම කාර්යය ඉතාමත් දක්ෂ ලෙස ඉදිරියට කරගෙන ගියේය. 1915 වසරේ ඔහු මිය යන තුරුම ඔහු ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙස ක්‍රියා කළ අතර එහි අවසාන වෙළුම නිකුත් වූයේ ඔහුගේ මරණින් පසු, 1928 වසරේදීය.

1901 වසරේදී, අනුග්‍රාහකයෙක් කළ විමසීමකට අනුව A-B වෙළුමට අයත් වීමට නියමිත ව ‘Bondmaid’ නම් වචනය (වහල් දැරිය) ශබ්දකෝෂයට ඇතුළත් වී නොමැති බව දැන ගන්නට ලැබුණි. ශබ්දකෝෂයේA-B වෙළුම සම්පාදනය කිරීමට වසර හතළික් පමණ ගතවූ අතර අවසානයේ එයට ඇතුළත්විය යුතු වචනයක් ශබ්දකෝෂය සම්පාදකයන්ගෙන් ගිලිහී තිබුණි. ප්‍රධාන සංස්කාරක මරේ ඇතුළු කාර්ය මණ්ඩලයේ කිසිවෙක් එය එසේ සිදු වූයේ ඇයි දැයි යන්න පැහැදිලි කිරීමට අපොහොසත් වූහ. අවසානයේ එම වචනය ශබ්දකෝෂයේ උපග්‍රන්ථයට හෝ ඇතුළත් කරන ලද්දේ 1933 දීය.

ඉංග්‍රීසි ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය සම්පාදනයේ ඉතිහාසය තුළ සඳහන් එම කුඩා සිදුවීම ඉතාමත් සිත් ගන්නාසුලු කෘතියකට වස්තු බීජ සපයා ඇත. එය පිප් විලියම්ස් නම් එංගලන්තයේ උපත ලද ලේඛිකාවක විසින් 2020 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද The dictionary of lost words නම් කෘතියයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *