මොරටුව ආතර් සී ක්ලාක් ආයතනයේ ‘කිට්සුනේ’ දෙවන නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කරයි

'කිට්සුනේ' දෙවන නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කරයි

'කිට්සුනේ' දෙවන නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කරයි

මොරටුව ආතර් සී ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මිත දෙවන නැනෝ චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කර තිබෙනවා.

(24) පස්වරු 5.40ට පමණ එය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂය වෙත එය මුදාහැරීම සිදු කෙරුණු බවයි ආතර් සී ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු සනත් පනාවැන්නගේ සඳහන් කළේ.

ජාත්‍යන්තර ආයතන පහක් සමඟ ඒකාබද්ධව නිර්මාණය කරන ලද කිට්සුනේ නමින් නම් කරන ලද මෙම චන්ද්‍රිකාව පසුගිය පෙබරවාරි 18 වැනිදා සිග්නිස් – 17 රොකට්ටුව මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මෙරට නිර්මාණය කරන ලද පළමු නැනෝ චන්ද්‍රිකාව රාවණ – 01 කක්ෂගත කරනු ලැබුවේ 2019 වසරේ ජුනි 17 වැනිදායි.

රාවණ – 01 චන්ද්‍රිකාව මෙන් හය ගුණයක විශාලත්වයෙන් යුත් කිට්සුනේ, උසස් තාක්ෂණයෙන් යුත් චන්ද්‍රිකාවක් වන අතර, එහි සංවේදී කැමරා පද්ධතිය මගින් පෘථිවියේ සෙන්ටිමීටර් 05ක පමණ වපසරිය වුවද තියුණු ලෙස නිරීක්ෂණය කළ හැකියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *