බඹර කූඩුවක් විදුහල්පතිගේ ඇගට වැටී 65 දෙනෙකු රෝහල් ගත කරයි

ඇතිමලේ ඉසුරු පාසලේ, පාසල ආරම්භවීමත් සමග (14)වැනි දා උදෑසන රැස්වීම පවත්වන අතරතුර පාසල් ගොඩනැගිල්ලක කොරිඩෝවක තිබු විශාල බඹරයක් එක්වරම විදුහල්පතිවරයාගේ ඇග මතට කඩා වැටීමත් සමග සිසු සිසුවියන් හිස් ලූ අත දිවයාමේදී සිසුන්ටද  බඹරු ඇන තිබෙන බව පොලිසිය කියයි.

තුවාල ලැබු විදුහල්පතිවරයා සමඟ ගුරුවරුන් දෙදෙනෙකු සහ සිසු සිසුවියන් 62ක් ඇතිමලේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අසාධ්‍ය වු සිසුන් දෙදෙනෙකු සියඹලාණ්ඩුව රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *