පුටින් යුක්රේනයෙන් නොනවතිනු ඇත, චීනයද අනාගතයේ දී තායිවානයෙන් නොනවතිනු ඇත – ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පීටර් ඩටන්

පුටින් යුක්රේනයෙන් නොනවතිනු ඇත, චීනයද අනාගතයේ දී තායිවානයෙන් නොනවතිනු ඇත - ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පීටර් ඩටන්

පුටින් යුක්රේනයෙන් නොනවතිනු ඇත, චීනයද අනාගතයේ දී තායිවානයෙන් නොනවතිනු ඇත - ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පීටර් ඩටන්

ඉන්දු පැසිෆික් කලාපයේ චීනයේ බල ව්‍යාප්තිය තායිවානයට පමණක් සීමා වනු ඇතැයි නොසිතිය යුතු බව ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පීටර් ඩටන් පවසනවා.

ඔහු සඳහන් කරන්නේ චීනය තායිවාන‍යේ බලය තහවුරු කර ගැනීමෙන් ඔබ්බට ගොස් ඉන්දු පැසිෆික් කලාපයේම සිය බලය ව්‍යාප්ත කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවයි. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා කලාපයේ සියලු රටවල් අවබෝධයෙන් සහ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවද පීටර් ඩටන් අවධාරනය කරනවා.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් යුක්රේනයෙන් නොනවතිනු ඇති බවත් චීනයද අනාගතයේ දී තායිවානයෙන් නොනවතිනු ඇති බවත් ඔහු පවසනවා.
ඕස්ට්‍රේලියා ආරක්ෂක අමාත්‍ය පීටර් ඩටන් මෙම අදහස් පළ කර ඇත්තේ එරට ආරක්ෂක කටයුතු පුලුල් කිරීම පිළිබඳ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

මේ වන විට ඕස්ට්‍රේලියාව ආරක්ෂක වියදම් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති අතර එය වාර්ෂිකව ඩොලර් බිලියන 27ක් තරම් ඉහළ අගයක් ගන්නා බව සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *