සෞදියේ දී දිනක් තුළ පුද්ගලයින් 81කට මරණ දඩුවම

සෞදියේ දී දිනක් තුළ පුද්ගලයින් 81කට මරණ දඩුවම

සෞදියේ දී දිනක් තුළ පුද්ගලයින් 81කට මරණ දඩුවම

පැය 24 ක් තුලදී සෞදි අරාබිය පුද්ගලයින් 81 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව අධිකරණයෙන් වරදකරුවන් ලෙස නම් කර පුද්ගලයින් 81 දෙනෙකුට ඊයේ එලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කළ බවයි සෞදිය ප්‍රකාශ කළේ. එලෙස මරණ දඬුවමට ලක්වූ පුද්ගලයින් අතර යේමන ජාතිකයින් 07 දෙනෙකු හා සිරියානු ජාතිකයෙකුද වනවා. ඔවුන් ත්‍රස්තවාදී ක්‍රියා ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින්.

මරණ දඬුවම හිමිවූ ඇතැම් පුද්ගලයින් අයිඑස්, අල්කයිඩා හෝ යේමනයේ ක්‍රියාත්මක හූදි කැරලිකාර කණ්ඩායමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටි බවද වාර්තා වනව.

මරණ දඬුවමට ලක්වූ තවත් පිරිසකට චෝදනා එල්ල වී තිබුණේ ප්‍රහාර සැලසුම් කිරීම, ආරක්ෂක අංශ සාමාජිකයන් ඝාතනය කිරීම, පැහැර ගැනීම්, වධහිංසා පැමිණවීම්, ස්ත්‍රී දූෂණ සහ අවි ආයුධ රට තුළට ගෙන ඒම සම්බන්ධවයි. එම චෝදනා අනුව පවරා තිබූ නඩු විනිශ්චයකරුවන් 13 දෙනෙකු විසින් විභාග කර අදියර තුනක අධිකරණ ක්‍රියාවලියකින් අනතුරුව අදාළ පුද්ගලයින් 81 දෙනාට මරණ දඬුවම නියම කර තිබූ අතර එය ක්‍රියාත්මක කර තිබුණේ ඊයේ දිනයේදීයි.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සෞදිය ජාත්‍යන්තරය තුළ වැඩි කථාබහට ලක්වන රාජ්‍යයක් එහෙක් ඉකුත් වසරේදී සවුදිය මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබුණේ පුද්ගලයින් 69 දෙනෙකුට පමණයි.

එවන් පසුබිමක් තුළ පැය 24 දී පුද්ගලයින් 81 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් යළිත් වරක් සවුදියට ජාත්‍යන්තරයේ අවධානය යොමු වුණා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය විසින් සම්පාදනය කරන ලද ලැයිස්තුවේ පස්වන ස්ථානය හිමිව ඇත්තේ ද සවුදි අරාබියටයි. එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන රටවල් 04 අතරට චීනය, ඉරානය, ඊජිප්තුව සහ ඉරාකය අයත්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *