බෙහෙත් වර්ග 60ක, පාන්, බනිස්, බත් පැකට්, ප්ලේන්ටි හා කොත්තු මිල ගණන් ඉහළට

බෙහෙත් වර්ග 60ක, පාන්, බනිස්, බත් පැකට්, ප්ලේන්ටි හා කොත්තුවල ඉහළට

බෙහෙත් වර්ග 60ක, පාන්, බනිස්, බත් පැකට්, ප්ලේන්ටි හා කොත්තුවල ඉහළට

තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමග බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව බේකරි හිමියන්ගේ සංගමය දන්වා ඇත.
ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 20 -30 අතර මිලකින් ද, බනිස් ගෙඩියක් රුපියල් 10කින්ද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසයි. මෙම මිල ගණන් (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඉදිරියේ දී ප්ලේන්ටියේ සිට ආහාර පානවල මිල ඉහළ යන බව ආපනශාලා හිමියන්ගේ සංගමයද පවසයි.
ඒ අනුව බත් පැකට් එකක මිල අවම වශයෙන් රුපියල් 20ක් හෝ 30 කින් වැඩිවෙන බවත් කොත්තුවක මිල රුපියල් 10කින් හෝ 15කින් වැඩිවන බවත් දන්වා ඇත.

ඩොලරයට සාපේක්ෂව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60ක මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙයි. ඒ අනුව ඖෂධ මිල සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. එතෙක් ඖෂධ නොසඟවා දැනට පවතින මිලට අලෙවි කරන ලෙස රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පෞද්ගලික අංශයේ ඖෂධ ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *