ගුවන් ටිකට් පත්, කිරිපිටි, පාන් පිටි, පළතුරු මිල ඉහළට

ගුවන් ටිකට් පත්, කිරිපිටි, පාන් පිටි, පළතුරු මිල ඉහළට

ගුවන් ටිකට් පත්, කිරිපිටි, පාන් පිටි, පළතුරු මිල ඉහළට

(11) මධ්‍යම රාත‍්‍රි සිට පාන්පිටි කිලෝවක මිල රුපියල් 35කින් ඉහළ දැමීමට සෙරන්ඩිම් සමාගම තීරණය කර ඇත. ඒ අනුව පාන් පිටි කිලෝවක නව මිල රුපියල් 159ක් දක්වා ඉහළ ගොස් තිබෙයි.

ශ්‍රී ලංකාව තුළ අලෙවි වන සියලුම ගුවන් ටිකට්පත්වල මිල (11) සිට 27% කින් ඉහළ දැමීමට ශ්‍රී ලාංකීය ගුවන් සමාගම් කටයුතු කර තිබෙයි. රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ ඩොලරයේ අගය පා කිරීමට රජය විසින් ගත් තීරණය අනුව, සියලු වියදම් ඉහල යාම හේතුවෙන් මෙම තීරණ වලට එළඹීමට ඔවුන් කටයුතු කර ඇති බව දන්වා ඇත.

මේ අතර ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 300 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සූදානම් වෙයි. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 120 කින් ඉහළ දැමීමට සැලසුම් කර ඇත.

ලෝක වෙළඳපොළේ කිරිපිටි ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 5,500 දක්වා ඉහළ ගොස් ඇතැයි, කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන අතර එවැනි පසුබිමක් තුළ කිරිපිටි මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඔවුන් දන්වා ඇත.
මේ අතර ආනයන සීමා කළ ඇපල් සඳහා බදු සියයට 200 කින් ඉහළ දමා ඇතැයි පළතුරු ආනයනකරුවෝ පවසති.

මිදි සහ දෙළුම් සඳහා බදු සියයට 50 කින් වැඩි කර ඇති බවත් දොඩම්, නාරං, වියලි මිදි සහ පෙයාස් ඇතුළු සියලුම ආනයනික පළතුරුවල බදු ඉහළ දමා ඇති බවත් ආනයනකරුවෝ කියති. මෙම ආනයනය සීමාව පැනවීමට පෙර ඇපල් කිලොවක් සඳහා පැවැති රුපියල් 100ක බදු මේ වන විට රුපියල් 300ක් දක්වා ඉහළ දමා ඇති බව කී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පළතුරු අනයනනික සමාගම නිලධාරියෙක් මිදි සහ දෙළුම් කිලෝවක් සඳහා පැවැති රුපියල් 200 ක බදු රුපියල් 300 ක් දක්වා ඉහළ දමා ඇති බවද සඳහන් කළේය.
මෙම බදු ඉහළ දැමීමත් සමඟ ඉදිරියේදී ඇපල්, මිදි සහ දෙළුම් ඇතුළු ආනයනික පළතුරු මිල කීපගුණයකින් ඉහළ යනු ඇතැයිද ආනයනකරුවෝ කියති.

ශ්‍රී ලංකාව මුහුණදී සිටින විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස පළතුරු වර්ග කීපයක් ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ යැයි භාණ්ඩ වර්ග 367 ක ආනයන සීමා කිරීමට රජය පසුගිය 9වැනිදා පියවර ගත්තේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *