ශ්‍රී ලංකා රජයට ඉදිරියේදී ආර්ථික අර්බුද රැසක් – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)

චීන මූල්‍ය සහතික නොමැතිව ශ්‍රී ලංකාවට ණය ලබාදීම සඳහා IMF සළකා බලයි

චීන මූල්‍ය සහතික නොමැතිව ශ්‍රී ලංකාවට ණය ලබාදීම සඳහා IMF සළකා බලයි

ශ්‍රී ලංකා රජයට ආර්ථිකමය වශයෙන් ඉදිරියේදී අර්බුද රැසකට මුහුණදීමට සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ධ්ර්ජ්) නිවේදනය කරයි.

තිරසර නොවන මට්ටම් දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය, විදේශ සංචිත සහ ආණ්ඩුකරණයට අදාළ මූල්‍ය අවශ්‍යතා ළඟා වී තිබීම මෙරටට විශාල අභියෝගයක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත් කොට තිබෙන මෙම නිවේදනය මඟින් එම ආර්ථික අර්බුදයන්ගෙන් අත්මිදීම සඳහා ශ්‍රී ලංකා රජය සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා විශ්වසනීය සහ සුසංයෝගී උපාය මාර්ගයක් ක්‍රියාත්මක කළ යුතු බව නිර්දේශ කර තිබේ.

මෙම පසුබෑම් හමුවේ පීඩාවට පත්වන පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ දැලක් කඩිනමින් වත්මන් පාලන තන්ත්‍රය විසින් සමාජය තුළ හෙළිය යුතු බව අවධාරණය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ හරහා දරිද්‍රතාව පිටුදැකිය යුතු බව පවසයි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එම බලපෑම සමනය කිරීමට වත්මන් රජය ගෙන තිබෙන සාර්ථක එන්නත්කරණ ව්‍යාපාරය එහිදී විශේෂයෙන් ප්‍රශංසාවට ලක් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *