රුසියාව යනු පුටින් නොවේ! – රුසියානු විපක්ෂ නායක : පුටින්ගේ රුසියාව දැන් ලෝකයෙන් හුදෙකලා වෙලා – ජෝ බයිඩ්න්

යුක්රේනය ආක්‍රමණය කිරීීම සම්බන්ධයෙන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ ගණනය කරීම් වැරදි රුසියානු ආක්‍රමණයට මැදිව සිටින යුක්රේනය තනි වී නොමැති බවත්, සමස්ත ලෝකයම ඔවුන් සමග එක පෙළට සිටගන්නා බවත්, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ වාර්ෂික දේශනයට සහභාගිවෙමින් පවසා ඇත.
සම්බාධක හමුවේ මේ වනවිට රුසියානු ආර්ථිකය දැවැන්ත ලෙස කඩා වැටෙමින් පවතින බව පෙන්වා දෙන ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ එය ඉදිරියේදී තවදුරටත් කඩාවැටෙනු ඇති බවයි. එමෙන්ම රුසියානු ගුවන් යානා සඳහා ඇමරිකානු ගුවන් කලාපය තහනම් කිරීම ජෝ බයිඩ්න් මෙහිදී නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
“රුසියාව යනු පුටින් නොවන,” බවත් තමන් සාමය වෙනුවෙන් සටන් වදින බවත් සිරගත කර සිටින රුසියානු විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ක්රියාකලාපය දැඩි ලෙස විවේචනය කර ට්විටර් පණිවුඩ මාලාවක් පළ කරමින් පවසා ඇත.
එලෙසම ඔහු ඉල්ලා ඇත්තේ, රුසියාව තුළ මෙන් ම සෑම රටක ම පුටින්ගේ ක්රියාකලාපයට එරෙහි විරෝධතා දිනපතා සංවිධානය කරන ලෙස ය.