සූර්යවංශිට වෙනම ඇඳුම් මාරු කිරීමේ කාමරයක්
සූර්යවංශිට වෙනම ඇඳුම් මාරු කිරීමේ කාමරයක්
ආරක්ෂක රෙගුලාසි හේතුවෙන් ඉන්දීය යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශිට එංගලන්ත සංචාරයේදී වෙනම ඇඳුම් මාරු කිරීමේ පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වයස අවුරුදු 15ක් වන සූර්යවංශි, අයර්ලන්තයට එරෙහි තරඟයෙන් ඉන්දියාවේ ලාබාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට නියමිත අතර අනතුරුව එංගලන්තයේ පැවැත්වෙන විස්සයි20 තරගාවලියට එක්වීමට නියමිතයි.
ICC සහ ECB රෙගුලාසි අනුව වයස අවුරුදු 16ට අඩු ක්‍රීඩකයින්ට වැඩිහිටි ක්‍රීඩකයින් සමඟ එකම ඇඳුම් මාරු කිරීමේ කාමර භාවිත කිරීමට අවසර නොමැති බැවින්, ඔහු සඳහා වෙනම පහසුකම් සලසා දීමට කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් තරඟ සහ කණ්ඩායම් රැස්වීම් අතරතුර සූර්යවංශිට කණ්ඩායම සමඟ රැඳී සිටීමට අවසර හිමි වන අතර, ඔහුගේ දෙමාපියන් ද සංචාරය පුරා ඔහු සමඟ සිටින බවද වාර්තා වේ.
