යුක්රේන දෙවන විශාලතම නගරයත් රුසියානු හමුදා අතට

රුසියානු හමුදා යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන ඛාර්කිව් වෙත ඇතුළු වී ඇති බවට ඛාර්කිව් ප්‍රාදේශීය පරිපාලනයේ ප්‍රධානී ඔලෙග් සිනේගුබෙව් පවසයි.

රුසියානු හමුදා නගර මධ්‍යයේ සිටින හෙයින් ආවරණවලින් පිටතට නොයන ලෙස සිය වැසියන්ගෙන් සිනෙගුබොව් මහතා ඉල්ලා සිටියි.

එමෙන්ම යුක්රේනයේ දකුණතින් පිහිටි නගරයක් වන නෝවා කඛෝව්කා නොහොත් නව කඛෝව්කා නගරයේ බලය රුසියාව විසින් තහවුරු කරගෙන තිබේ. නගරය කුඩා නගරයක් වුවත් ක්‍රිමියානු අර්ධද්වීපයට සෘජුවම ජල මාර්ග සපයන ඩිනිපර් ගඟේ උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම රුසියානු හමුදා විසින් නගරයේ විධායක කමිටුව අල්ලාගෙන ඇති අතර ගොඩනැගිලිවලින් යුක්රේන ධජ සියල්ල ඉවත් කර ඇති බවට එහි නගරාධිපති වොලොඩිමියර් කොවැලෙන්කෝ වාර්තා කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *