Type to search

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

නෝටන්බ්රිසජ් විමලසුරෙන්ද්රැ ජල විදුලි බලාගාරයට පිවිසෙන මාර්ගයේ පුද්ගලික ඉඩමක තේ වත්තේ මිය ගිය කදුකර කොටියෙකුගේ සිරුරක් ඇති බවට එම ප්‍රෙද්ශයේ පදිංචිකරුවන් විසින් දැක ඒ පිලිබදව නල්ලතන්නිය වනජිවි කාර්යාලයට (25)වන දින දැනුම් දී ඇති බවට නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

අවු 08 පමණ වයසැති මිය ගිය කදුකර කොටියා පිරිමි සතෙකු බවත්, මිය ගිය කොටියාගේ සමේ කොටසක් කිසියම් පිරිසක් කපාගෙන ගොස් ඇති බවට සැකකරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මිය ගිය කදුකර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බවයි වන අඩවි ආරක්ෂක නිලධාරිවරයා පැවසිය.

 

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *