ඉන්ධන අර්බුදයට මහ බැංකුවෙන් යෝජනා; “සතියේ වැඩ කරන දින හතරක්” එ අතර

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ, රටේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

රාජ්‍ය බැංකු දෙකෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තවදුරටත් ණය ලබා දුනහොත්, බැංකු දෙක කඩා වැටීම වළක්වා ගැනීම අසීරු වන බැවින්, එම බැංකු දෙකෙන් සංස්ථාවට ණය දීම වහාම නවත්වන්නැයිද මහ බැංකුව යෝජනා කර ඇත. තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් ලබන පාඩුව අවම කර ගැනීම සඳහා ඉන්ධන මිල සැලකිය යුතු ගණනකින් වැඩි කිරීමටද මහ බැංකුව රජයට යෝජනා කර ඇත.

සතියේ වැඩ කරන දින ගණන හතරට අඩුකර, පැය ගණන වැඩි කරන ලෙසට මහ බැංකුව යෝජනා කර තිබේ. ඒ අනුව ආයතනවල කටයුතු උදේ හතයි තිහට ආරම්භ කර, පස්වරු පහයි තිහ දක්වා පවත්වාගෙන යන ලෙසට එමගින් යෝජනා කර තිබේ. ආයතන තුළ සිට වැඩ කරන සේවකයන්ට උදේ 9.00 සිට හවස 3.00 දක්වා වැඩ කර, නිවෙස්වලට කලින් යාමේ අවස්ථාව සලසා දිය යුතු බවටද මහ බැංකුව යෝජනා කර තිබේ.

පෞද්ගලික වාහන භාවිතය අධෛර්යමත් කර, පොදු ප්‍රවාහනයට යොමු කරන ලෙසද මහ බැංකුව ඉල්ලා ඇත. මේ අතර, ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් සහ ඉන්ධන පරිහරණය අරපිරිමැස්මෙන් කළ යුතු බවට ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ගෙන යන ලෙසද මහ බැංකුව ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *