දෛනිකව ලැබෙන සයිබර් අපරාධ පැමිණිලිවල ඉහළ යාමක්: දිනකට පැමිණිලි 15ත් 20ත් අතර සංඛ්‍යාවක්

දෛනිකව ලැබෙන සයිබර් අපරාධ පැමිණිලිවල ඉහළ යාමක්: දිනකට පැමිණිලි 15ත් 20ත් අතර සංඛ්‍යාවක්

දෛනිකව ලැබෙන සයිබර් අපරාධ පැමිණිලිවල ඉහළ යාමක්: දිනකට පැමිණිලි 15ත් 20ත් අතර සංඛ්‍යාවක්

දෛනිකව ලැබෙන සයිබර් අපරාධ පැමිණිලිවල ඉහළ යාමක් සිදුව ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, වර්ෂයකට පැමිණිලි 2,500ක පමණ සංඛ්‍යාවක් මීට පෙර ලැබුණද මේ වන විට එම තත්ත්වය වෙනස්ව ගොස් දිනකට පැමිණිලි 15ත් 20ත් අතර සංඛ්‍යාවක් ලැබෙන බවය. සයිබර් අපරාධ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් වින්දිතයින් බවට පත්වන්නේ කාන්තාවන් බව ඔහු සඳහන් කළේය.

කාන්තාවන්ගේ ඡායාරූප ව්‍යාජ ලෙස වෙනස් කොට අසභ්‍ය වීඩියෝ සහ අසභ්‍ය ඡායාරූප නිර්මාණය කිරීම සහ බෙදා හැරීම ආදිය සිදු කරන්නන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි අතර වසර 3ක සිර දඬුවම් ලබාදිය හැකි බව ඔහු පැවසීය. එමෙන්ම, පරිගණකයකටට ඇතුළු වී දත්ත සොරකම් කරන්නන්ට වසර 7ක් දක්වා කාලයක් සිර දඬුවම් ලබාදිය හැකි බවද ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කිසියම් අයෙකු විදේශයක සිට සයිබර් අපරාධයක් සිදු කළද එය මෙරට පුද්ගලයෙකුට එය අදාළ වන්නේ නම්, මෙරටදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නෛතික ප්‍රතිපාදන පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *