පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිහිප දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක
ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්රී වරුන් ඇතුළු කිහිපදෙනෙකු (24)වන දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක නිරත වූහ.
මහවැලිය මුවාවෙන් දෙමළ ජනයාගේ ඉඩම් පැහැරගැනීම, වනජීවි මුවාවෙන් ඉඩම් බලෙන් අත්පත් කරගැනීමට ඇතුළු කාරණා කිහිපයක් මුල්කරගනිමින් විරෝධතාවය සිදුකෙරිණි .
විරෝධතාවය සදහා පාර්ලිමේන්තු මන්ත්රී වරුන් වන සී වී විග්නේෂ්වරන් ,සුමන්තිරන්, ශානික්යම් රාසමානික්කම්, සීධරන්, මන්ත්රී මනෝ ගනේශන් ඇතුළු පිරිසක් සහභාගි විය.






