නව ඡන්ද ක්‍රමයක් ඇති කරන තුරු පැරැණි ඡන්ද ක්‍රමයටම කඩිනමින් පළාත් සභා ඡන්දය පැවැත්වීමට නිර්දේශය

නව ඡන්ද ක්‍රමයක් ඇති කරන තුරු පැරැණි ඡන්ද ක්‍රමයටම කඩිනමින් පළාත් සභා ඡන්දය පැවැත්වීමට නිර්දේශය

නව ඡන්ද ක්‍රමයක් ඇති කරන තුරු පැරැණි ඡන්ද ක්‍රමයටම කඩිනමින් පළාත් සභා ඡන්දය පැවැත්වීමට නිර්දේශය

කොට්ඨාස ක්‍රමයට 60%ක් සහ අනුපාත ක්‍රමයට 40%ක් වන මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ලෙසට නව ඡන්ද ක්‍රමයක් ඇති කරනතුරු පැරැණි ක්‍රමයට පළාත් සභා පැවැත්විය යුතු යැයි කාරක සභා වාර්තාවෙන් නිර්දේශ කිරීමට, ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීමේ කාරක සභාවේ එකඟතාව ලැබුණු බව එහි සභාපති, ඇමති දිනේෂ් ගුණවර්ධන පැවසීය.

සියලු ඡන්ද විමසීම්වලදී කොට්ඨාස (කේවල) ක්‍රමයට 60%ක් සහ අනුපාතික ක්‍රමයට 40%ක් ජනතා නියෝජිතයන් තෝරා ගන්නා ආකාරයේ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් මූලධර්මයක් ලෙස පිළිගෙන වාර්තාව කෙටුම්පත් කිරීමට, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතිරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එකඟවූ බව දිනේෂ් ගුණවර්ධන මහතා කීය.

පළාත් පාලන ආයතනවල බහුතර ස්ථාවරභාවය ඇතිකිරීම සඳහා ජයග්‍රාහී පක්ෂයට හෝ කණ්ඩායමට අතිරේක මන්ත්‍රී ධූර2ක් ලබාදීම සඳහාත් නිර්දේශ කිරීමටද ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවට පැමිණි බවය. එමෙන්ම පළාත් සභා සඳහා නව ඡන්ද ක්‍රමයක් ඇති කරන තුරු පැරැණි ඡන්ද ක්‍රමයටම කඩිනමින් පළාත් සභා ඡන්දය පැවැත්වීමේ නිර්දේශය වාර්තාවට ඇතුළත් කිරීමටද එකඟතාව ලැබී ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 225ට සීමා කිරීමද එකඟ වූ තවත් යෝජනාවක් බව, කාරක සභාවේ සභාපතිවරයා පැවසීය. පාර්ලිමේන්තු සහ පළාත් සභා සඳහා නව මැතිවරණ නීති සම්පාදනයේදී කොට්ඨාස (කේවල) ක්‍රමයට 60%ක් සහ අනුපාත ක්‍රමයට 40%ක් වන පරිදි දිස්ත්‍රික්කය තුළ සීමා නිර්ණය කිරීමට නිර්දේශ කිරීමටද කාරක සභාව එකඟතාව පළ කර තිබේ.

සියලු මැතිවරණවලදී කාන්තා නියෝජනය 25%ක් ලෙස පවත්වා ගැනීමට සහ තරුණ නියෝජනය අනිවාර්ය කිරීමටද නිර්දේශ කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව ලැබූ තව ත් යෝජනාවක් බවද ගුණවර්ධන මහතා පැවසීය.

මීට අමතරව දේශපාලන පක්ෂ පිළිගැනීම සහ අවලංගු කිරීමේ නව නීති, දේශපාලන සන්ධානයන් ලියාපදිංචි කිරීමේ නව නීති ගෙන ඒම සම්බන්ධයෙන්ද නිර්දේශ ඇතුළත් කිරීමට කාරක සභාවේ එකඟතාව ලැබුණු බව එහි සභාපති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *