දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති උපදෙස්

දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති උපදෙස්

දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති උපදෙස්

දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට (24) උපදෙස් දී තිබේ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉන්ජිනේරු කර්මාන්තශාලාවේ (24) නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් පසුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව සේවකයන් බඳවා ගැනීම, උසස්වීම් දීම හා සම්පත් කළමනාකරණය ඇතුළුව පවතින සියලුම ගැටලු සැලකිල්ලට ගෙන මාස දෙකක් ඇතුළත ඒවාට විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ප්‍රවාහන ඇමැතිවරියට උපදෙස් දී ඇත.

පුහුණු සේවකයන් බඳවා ගැනීමේදී පවතින ගැටලු ඉවත් කර ශ්‍රී ලංකා – ජර්මානු දුම්රිය කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවලින් පුහුණුව ලැබූ පිරිස් බඳවා ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. දුම්රිය අලුත්වැඩියාවේදී හඳුනාගත් අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සකස් කර දෙන ලෙස ජනාධිපතිවරයා ප්‍රධාන ඉන්ජිනේරු කීර්ති හේවාවිතානට උපදෙස් දුන්නේය.

කර්මාන්තශාලා පරිශ්‍රය තුළ භාවිතයට නොගෙන ගොඩ ගසා තිබූ ටොන් 6,700ක් පමණ වන දිරාපත් වීමට හැර තිබෙන අබලි ද්‍රව්‍ය වහාම වෙන්දේසි කර ඉන් ලැබෙන මිලියන 600ක පමණ ආදායම දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ සේවක අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *