මහ බැංකුව ලඟදීම රුපියල පා කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව මේ වනවිට කෘතිමව පවත්වාගෙන යන විදේශ විනිමය අනුපාත ඉතා ඉක්මනින් තරඟකාරී ඉල්ලුම සැපයුම යටතේ තීරණයවීමට ඉඩ ලබාදීමේ සූදානමක සිටින බව අනාවරණය වේ.

මේ වනවිට ඩොලර් එකක් සඳහා රුපියල් 203කට ආසන්න වූ ස්ථාවර විකුණුම් අනුපාතයක් පවත්වාගෙන යයි. මේ නිසා කළුකඩ වෙළඳපොලේ ඩොලර් එකක් රුපියල් 240ක් ඉක්මවූ මිලකට අලෙවි වෙමින් පවතී. මෙම පසුබිම නිසා දැනට කෘතිමව පවත්වාගෙන යන නිල විනිමය අනුපාත ඉදිරි සතියක පමණ කාලය තුළ අවසන් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මූල්‍ය වෙළඳපොල විශ්ලේශකයන් පුරෝකතන පළකරමින් සිටින අතර නිල විනිමය අනුපා ඉවත් කළ වහාම ඩොලර් එකක් රුපියල් 300/-කට ආසන්න මිලක් තීරණය වෙනු ඇති බව හෙළි කරති. එසේම විදේශවල සඟවා තිබෙන ඩොලර් තොගයක් උපක්‍රමශීලිව මෙරට වෙළඳපොලට මුදා හැරීමේ අවස්ථාවද හිමි වන බව පෙන්වා දෙති. මේරට ආයෝජනය කිරීමේ මුවාවෙන් හෝ ස්වෛරීත්ව බැඳුම්කර වැනි ණය ලබාදීමේ අවස්තා ප්‍රයෝජනයට ගනිමින් මේ කළහැකි බව හෙළිකර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *