පුරාවිද්‍යා ස්ථානයක තිබූ ගල්කණු ගලවා රැගෙනයමින් සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී ඇතුළු 09ක් අත්අඩංගුවට

මුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලිස් වසමේ තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක තිබූ ඉපැරණි ගල්කණු ගලවා රැගෙනයමින් සිටි හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු ඇතුළු පුද්ගලයන් නවදෙනකු (22)වන දා අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත්පිරිස අතර ප‍්‍රධාන සැකකරුවකු වූ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයා පොදුජන පෙරමුණේ වවුනියාව දිස්ත‍්‍රික් සංවිධායකවරයා වන අතර ඔහු උතුරු පළාත් සභාව නියෝජනය කළ මන්ත‍්‍රීවරයකු වන බවත් ඔහුගේ නම හා සිදුකළ සේවාවන් යොදා වවුනියාව ප‍්‍රදේශයේ ඵලකයක් නිර්මාණය කිරීම සඳහා රැගෙන යන බවද පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් විසින් රැගෙනයමින් තිබූ පෞරාණික ගල්කණුවල හස්ථී පා සලකුණූ නිරූපනය වන බවත් ඒම ගල්කණු අඩි පහත්, හයත් අතර ප‍්‍රමාණයේ ඒවා බවත් පැවසේ. අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව , නොච්චියාගම , අනුරාධපුර, මහරම්භකුලම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වෙනුවෙන් නීතිමය පියවර ගැනීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන
ඔඩ්ඩඩුසුඩාන් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *