සිංහල සහ දෙමළ බස ඉගෙන ගන්නා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය ජූලී ජේ. චන්ග් මහත්මිය සිංහල භාෂාව ඉගෙන ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සිය ට්විටර් ගිණුමේ පළ කර තිබේ.
කෙටි සටහනක් ද තබමින් ඇය එහි සඳහන් කර ඇත්තේ,
“මම හිතනවා මගේ උච්චාරණය හරි යයි කියලා!”
ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය ජූලී ජේ. චන්ග් මහත්මිය සිය තනතුරෙහි වැඩ භාර ගැනීම සඳහා පෙබ. 18 සවස ශ්‍රී ලංකාවට පැමිණියා ය.
මෙරටට පැමිණීමෙන් අනතුරුව ඇය සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් ද තබමින් ශ්‍රී ලාංකිකයින් ඇමතීමට කටයුතු කළා ය.
I love learning new languages – learning Sinhala & Tamil won’t just help me communicate, it will also teach me so much about
history & culture.
මම හිතනවා මගේ උච්චාරණය හරි යයි කියලා!
எனது உச்சரிப்பு சரியாகிவிடும் என்று நான் நம்புகிறேன்!
I hope my pronunciation will become ok! pic.twitter.com/plsAJwevZO— Ambassador Julie Chung (@USAmbSL) February 21, 2022