ආණ්ඩුවක් තිබුණත් එකයි නැතත් එකයි! බලය තිබුණත් එකයි නැතත් එකයි ! අනිවාර්යෙන් අපි රටට සේවයක් කරන්න ඕන – සජිත් ප්‍රේමදාස

ආණ්ඩුවක් තිබුණත් එකයි නැතත් එකයි බලය ඇතත් නැතත් අපිට හැකියාවක් තියෙනවා නම් නිපුනතාවයක් දක්ෂතාවයක් කුසලතාවයක් තියෙනවා නම් අනිවාර්යෙන් අපි රටට සේවයක් ඉෂ්ඨ කරන්න ඕන. අපි අද ඒක ප්‍රායෝගිකව පෙන්වලා තියෙනවා. දේශපාලනය උඩු යටිකුරු කරල තියනවා. යැයි සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා “හුස්මක් වැඩසටහන යටතේ” පිළියන්දල බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ත්‍රිරෝද රථයක් පිරිනැමීමේ උත්සව සභාව අමතමින් ප්‍රකාශ කර සිටියේය.

කොයි කාලෙද මේ රටේ දේශපාලනය ඉතිහාසයේ විපක්ෂයේ ඉඳගෙන මිලියන 126 දශම 4 ක රෝහල් උපකරණ රෝහල්වලට පරිත්‍යාග කළේ. මේ හුස්ම වැඩසටහන තුළින් නිරෝගී ජන පරපුරක් නිර්මාණය කරන්න. ඒ තුළින් රටේ ආර්ථික වර්ධන වේගය ශක්තිමත් කරන්න.නිෂ්පාදන ධාරිතාවක් වර්ධනය කරන්න .අපි මේ අත හිත දෙන්නේ සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් කරා රටේ සෞභාග්‍යය නිර්මාණය කරන්න

අපි විශ්වාස කරනවා ඩිජිටල් ආර්ථිකය තමයි මේ රටේ වේගවත් සංවර්ධනයක් කරා යොමු කරන්න පුළුවන් එක වැදගත් මාර්ගයක් .මේ රටේ බොහෝ නායකයන් මොනවාද කරලා තියෙන්නේ. ඩිජිටල් ආර්ථිකය ඩිජිටල් විප්ලවය ලොකුවට කතා කරලා තියෙනවා.

දැන් අද රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා විදේශ විනිමය හිඟයක් . ඩොලර් නෑ. පෝලිං යුගයට ගිහිල්ලා .

කිරිපිටි නැහැ .දැන් හෙට අනිද්දා බලාගන්න පුළුවන් ඉන්ධන මිල කොච්චර ඉහළ යයිද කියලා.ගෑස් හිඟය කුත් තියෙනවා.හැමතැනම දන නෙවෙයි රින.එහෙව් – රින තත්වයක් තිබෙන මොහොතේ කාටද විවේචනය කරන්න පුළුවන් මේ වගේ සම්පතක් ජීවිතය බේරගන්න රාජ්‍ය සෞඛ්‍ය ආයතනය කට පරිත්‍යාග කරන්න.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *