ත්‍රස්තවාදය වැලක්වීමේ පනතට එරෙහිව යාපනයේ අත්සන් විරෝධතා

ත්‍රස්තවාදය වැලක්වීමේ පනත අහෝසිකරගන්නා ලෙසට රජයට බලකරමින් මහජන අත්සන් විරෝධතාවක් යාපනයේදී ආරම්භ කරනු ලැබීය.

යාපනය මධ්‍යම බස්නැවතුම්පල ඉදිරිපිටින් ඊයේ සවස ආරම්භ කරන ලද මෙම අත්සන් විරෝධතාවය අච්චුවේලි නගරයේදී පැවත්වීමට පියවර ගෙන ඇත.

අත්සන් විරෝධතාවය ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂා නායක මාවෙයි සේනාධිරාජා සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් යන අයගේ නායකත්වයෙන් පැවත්වුණි.

මේ වන විට දෙමළ දේශපාලන සිරකරුවන් විශාල ප්‍රමාණයක් නඩු නොමැතිව බන්ධනාගාරගතව සිරවී සිටින බවටත් ත්‍රස්ත සංවිධානයක් නොමැති රටකට එවැනි පනතක් අවශ්‍ය නොමැති බවටත් සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීමට රජය විසින් පියවර ගතයුතු බවටද මෙම අත්සන් විරෝධතාවයේ ප්‍රධාන අරමුණු වෙයි.

ඊයේ දින ආරම්භ කෙරුනු මෙම අත්සන් විරෝධතාවය වෙනුවෙන් යාපනයේ වැසියන් විශාල පිරිසක් සහය ලබා දී ඇති අතරම මීට පෙර කිලිනොච්චිය නගරයේදී මෙලෙස අත්සන් විරෝධතාවය පැවත්වූ අතර ඉදිරියේදී උතුරු පලාත පුරා මෙලෙස අත්සන් විරෝධතාවය ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන ඇත.

*dias lankacnews.com*

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *