නිදහස් උළෙලේ රථයක LTTE කොමාන්ඩෝ සෙබළුන්ගේ ඡායාරූපයක් ගැන පරීක්ෂණ

පෙබරවාරි 04 වැනිදා පැවති නිදහස් දින උත්සවයේ ආචාර පෙළපාලියේ යුද්ධයෙන් ආබාධිත සෙබළුන් ගමන්ගත් රථයේ සැරසිල්ල තුළ LTTE කොමාන්ඩෝ සෙබළුන්ගේ ඡායාරූපයක් මුද්‍රණය වී තිබීම ගැන යුද හමුදාව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ ආබාධිත සෙබළුන් ගමන්ගත් එම රථයේ සැරසිල්ල තුළ තිබූ ඡායාරූප අතරින් එක් ඡායාරූපයක LTTE කොමාන්ඩෝ සෙබළුන්ගේ ඡායාරූපයක් තිබෙන බවට ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය පළකර තිබූ වාර්තාවකින් පසුය. එම වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ 2008 වර්ෂයේ වන්නි ප්‍රදේශයේ පැවති සටනක් සම්බන්ධයෙන් ටැමිල් නෙට් වෙබ් අඩවිය එම ඡායාරූපය පළකර තිබූ බවයි.එම වාර්තාවෙන් කියා ඇත්තේ LTTE සෙබළුන්ට ශ්‍රී ලංකා නිදහස් දිනයේදී ආචාර කළ බවයි. ආචාර පෙළපාලියට ජනාධිපතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදා නායකයින් හා පොලිස්පතිවරයා ආචාර දක්වනු ලැබීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *