ලෝකයේ දෙවැනි විශාලම ධීවර යාත්‍රාවෙන් මැරුනු මත්ස්‍යයන් ලක්ෂ ගණනක් ප්‍රංශ වෙරළට හලා දමයි

ලෝකයේ දෙවැනියට විශාලතම ට්‍රෝලර් යාත්‍රාව වන FV Margiris පසුගියදා ප්‍රංශයට නුදුරු වෙරළ තීරයට සිය මත්ස්‍ය අස්වැන්න ලෙස හළා දැමුවේ ලක්ෂ ගණනක මළ මසුන් ය.

ට්‍රෝලර් යාත්‍රාවේ අස්වැන්න දුටු ඔවුන් පමණක් නොව මුළු මහත් ප්‍රංශයම දැන් හිසේ අත ගසාගත් තත්වයකට පත්ව සිටින බවත්, නිල්-සුදු පැහැයෙන් දුර්වර්ණ වී සිටි මෙම මළ මසුන් තොගය දැක ප්‍රංශයේ සාගර කටයුතු ඇමති ඇනික් ගිරඩීන් පැවසුවේ තමන් කම්පනයට පත් වූ බවයි.

”මළ මසුන්ගේ කාපට් එකක්” යනුවෙන් පරිසරවේදීන් විසින් මෙය හඳුන්වා දී තිබේ. ජාතික ධීවර පිරික්සුම් අධිකාරිය විසින්‌ මේ පිළිබඳ විමර්ශනයක් ද අරඹා ඇත.

FV Margiris ට්‍රෝලර් යාත්‍රාව මේ යෙදී සිටියේ කොඩ් මසුන් අල්ලා ගැනීමේ මෙහෙයුමක ය. ධීවර දැලේ සිදුවූ හදිසි පුපුරා යාමක් නිසා ඔවුන් විසින් අත්ලන්තික් සාගර දියඹේ මත්ස්‍ය අස්වැන්න ලෙස අල්ලාගෙන තිබූ මසුන් තොගයක් මේ අන්දමින් සාගරයට නැවත මුසු වී තිබේ.

ප්‍රශ්නය වන්නේ ගැඹුරු මුහුදේ මළ මසුන් මෙතරම් ප්‍රමාණයක් සාන්ද්‍රණය වී සිටියේ මන්ද සහ, මෙම ට්‍රෝලර් නෞකාව විසින් අල්ලාගෙන තිබුණේ සජීවී තත්වයේ නොමැති මසුන් ද යන්නයි. දැළ පිපිරී නොගියා නම් මෙම අසාමාන්‍ය සිද්ධිය ලෝකයෙන් සැඟවී යන්නට ද ඉඩ තිබිණි.

මේ වන විට හෙළි වී ඇති අන්දමට වර්ග අඩි 32,300 ක් එනම් වර්ග මීටර 3,000 ක පමණ සාගර වපසරියක් මෙම මළ මසුන් විසින් වසාගෙන තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *