දරු උපත් උනන්දු කිරීම සඳහා චීන වැසියන්ට දීමනා

දරු උපත් උනන්දු කිරීම සඳහා චීන වැසියන්ට දීමනා

දරු උපත් උනන්දු කිරීම සඳහා චීන වැසියන්ට දීමනා

දරු උපත් සිදුකිරීමට උනන්දු කිරීම සඳහා චීන වැසියන්ට ඔවුන් රැකියාවේ නියුතු ස්ථානවලින් ප්‍රසාද දීමනා, ණය පහසුකම් හා අවශ්‍ය නිවාඩු ලබාදීම ආරම්භ කර තිබෙනවා.

චීනයේ දරු උපත් අනුපාතය මෙම වසරේ දී ඉතා පහත අගයකට පැමිණ ඇති බව පසුගියදා වාර්තා වුණා. ජනාධිපති ෂී ජින් පින්ගේ දැක්ම අනුව 2035 වසර වනවිට චීන ආර්ථිකය දැනට පවත්නා තත්ත්වය මෙන් දෙගුණයක් කිරීමට දරු උපත් අනුපාතය දැඩි බලපෑමක් එල්ලකර ඇති බවයි එරට ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

තරුණ ප්‍රජාව අවමවීම, ආර්ථික වර්ධන වේගය පහළ දැමීමට හේතුවී තිබෙනවා. ඒ හේතුවෙනුයි නව දරු උපත් සිදුකිරීමට චීන ජනතාව උනන්දුකිරීම ආරම්භකර ඇත්තේ. බීජිං නගරයේ ඇතැම් සමාගම් දරු උපතකට ඇමෙරිකා ඩොලර් දාහතර දහස ඉක්මවූ මුදලක් සහ වසරක නිවාඩුද ලබාදීම ආරම්භ කර තිබෙනවා. පවුලේ දරුවන් සංඛ්‍යාව වැඩිවනවිට ලබා දෙන දීමනාද වැඩිවන බව සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *