බුර්කිනා ෆාසෝ බලය හමුදාව අතට

බුර්කිනා ෆාසෝ බලය හමුදාව අතට

බුර්කිනා ෆාසෝ බලය හමුදාව අතට

ජනාධිපති රෝච් කොබාරේ ප්‍රමුඛ රජය පෙරළා දමා, රටේ පාලනය තමන් අතට ගත් බව බුර්කිනා ෆාසෝ හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

අත්අඩංගුවට ගැණුනු බුර්කිනා ෆාසෝ ජනාධිපතිවරයා, ඇමැතිවරුන් සහ රජයේ උසස් නිලධාරීන් මේ වනවිට රහස් ස්ථානයක රඳවා ඇතැයි ද හමුදාව වැඩි දුරටත් පවසා ඇත.

දිගු කාලයක් තිස්සේ ආර්ථික සහ දේශපාලන අර්බුද රැසකින් බුර්කිනා ෆාසෝ වැසියන් පීඩා විඳි බවත්, එය තවත් බලා සිටීමට නොහැකි වූ බැවින්, රටේ බලය සියතට ගත් බවත් හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. කුමන්ත්‍රණය කරමින් රටේ බලය අල්ලා ගත් හමුදා ප්‍රධානීන් ඇතුළු කණ්ඩායම නියෝජනය කරන්නේ, ‘ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණ සඳහා වන දේශප්‍රේමී ව්‍යාපාරය’ නමැති සංවිධානයයි. මෙය බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ නව සංවිධානයකි.

කුමන්ත්‍රණය මෙහෙයවමින් රටේ බලය අත්පත් කර ගත්තේ හමුදා ප්‍රධානී ලුතිනන් කර්නල් පෝල් හෙන්රි සැන්ඩාගෝ ඩම්බිලාය. ලුතිනන් කර්නල් ඩම්බිලා, අයි.එස් සහ අල් කයිඩා ත්‍රස්තවාදීන්ට එරෙහිව, වසර ගණනක් තිස්සේ සටහන් මෙහෙයවූ ජනතා ප්‍රසාදයට පත් හමුදා ප්‍රධානියෙකි. කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු හමුදා නිලධාරීහු බුර්කිනා ෆාසෝ ජාතික රූපවාහිනිය ඔස්සේ පෙනී සිටියහ.

ලුතිනන් කර්නල් ඩම්බිලා වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශක ලෙස එක් හමුදා නිලධාරියකු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කළේ සුදුසු වේලාව ආ සැණින්, ව්‍යවස්ථාව යළි ස්ථාපිත කරන බවත්, හමුදා පාලනයක් යටතේ තාවකාලික ඒකීය රජයක් ස්ථාපිත කරන බවත්ය.

මේ වනවිට බුර්කිනා ෆාර්සෝ රාජ්‍යයේ දේශසීමා වසා දැමීමටද හමුදාව අණ දී තිබේ. බුර්කිනා ෆාසෝ බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන අතර, තවත් අප්‍රිකානු රටවල් කීපයකින් වට වී පිහිටා ඇත. බුර්කිනා ෆාසෝ වට වී ඇත්තේ, මාල ටෝගෝ, ඝානා, බෙනින් සහ අයිවරි කෝස්ට් යන රටවලිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *