අපිට ජාත්‍යන්තරයට හා එක්සත් ජාතීන්ගේ සංවිදානයට යනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ – කාදිනල් හිමි

රට ගොඩගන්න තියෙන ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවදුරටත් බලයේ රැඳීසිටීමයි - කොළඹ අගරදගුරුතුමෝ

රට ගොඩගන්න තියෙන ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවදුරටත් බලයේ රැඳීසිටීමයි - කොළඹ අගරදගුරුතුමෝ

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම පිණිස සූම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය සාකච්ජාවක් අමතමින් අතිඋතුම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙසේ පවසා තිබේ.

”අපි පුළුවන්තරම් උත්සාහ කළා. අපේ රට තුළ මේ ප්‍රශ්නය විසඳලා අපේ ජනතාවට යුක්තිය ඉටු කරන්න.

හැබැයි ඒවා අසාර්ථක වෙලා තියෙනවා. ඒක නිසා අපිට ජාත්‍යන්තරයට හා එක්සත් ජාතීන්ගේ සංවිදානයට යනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ. අපි මේ ගැන සකලා බලනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණක් නෙවෙයි අපිත් සමඟ සම්බන්ධතා තියෙන බලවත් රටවල්වලටත් යනවා. අපි ඒ රටවල්වට බලපෑම් කරනවා කතෝලික පල්ලිය ඇවිල්ලා ජාත්‍යන්තර සංවිධානයක්. අපිට ලෝකේ පුරා සම්බන්ධතා තියෙනවා.

අගරදගුරු කෙනෙක් හැටියට මට තවත් සහෝදර අගරදගුරුවරු ඉන්නවා බලවත් රටවල්වල ඒ නිසා අපිට ඒක කරන්න පුළුවන්. අපි බලාපොරොත්තුවක් තිබ්බා මේකට දේශීය වශයෙන් පිළිතුරක් හොයාගන්න නමුත් ඒක කෙරුනේ නැහැ. අපිට පේනවා දේශිය වශයෙන්ම මේක කිසිවක් වෙන්නේ නෑ. නීතිපතිවරයා යටතේ ක්‍රියාත්මකවන නීති පද්ධතියම පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව සලකා බලන්නේ නැහැ. ඒක නිසා අපිට ජාත්‍යන්තරයට යනවා ඇරෙන්න කිසි විසඳුමක් නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *