කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට
රුපියල් දෙකෝටි අට ලක්ෂ හැත්තෑ දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගන ආ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අද (14) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදීයි.
ඔහු වයස අවුරුදු 24ක් වන ඉන්දීය ජාතිකයෙක්.
සැකකරු මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන ඇති අතර පසුව මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ වූ කාඩ්බෝඩ් පෙට්ටියක පැති බිත්තිවලට අලවා තිබියදීයි කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 87ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙන්නේ.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.




