විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහතට

විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහතට

විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහතට

මධ්‍යම කඳුකරයේ ජලවිදුලි බලාගාර ජලාශ වලට මාසයකට ආසන්න කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණික තත්වයත් සමග ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ප්‍රධාන ජලාශ වල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතියි.

ජාතික ජලවිදුලබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැනියෝන් හා විමලසුරේන්ද්‍ර යන විදුලබලාගාර 05 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකෙනි. අක්කර අඩි 95400ක වපසරියකින් යුත් මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම (23) වන විට පිටාර මට්ටමේ සිට අඩි 40ක් පහත බැසි ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ ප්‍රකාශ කළහ.

මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පහත බැසීමත් සමග පැරණි මස්කෙළිය නඟරයේ ජලයට යටවී තිබූ ශ්‍රී කදිරේෂන් හින්දු කෝවිලේ කොටසක් නැවත ජලයෙන් ගොඩවී ඇති අයුරු මේ දිනවල දැකගත හැකිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *