Type to search

සත්‍ය තත්වය රටේ ජනතාවට ප්‍රකාශ කරලා. ජනතාවගේ සහය ලබා ගැනීමයි සිඳුකළ යුත්තේ – හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය විජේවර්ධන

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ශ්‍රී ලංකාව මේ වන විට ණය අර්බුදයක ගිලී පවතී. ගත් ණයවලින් සෑහෙන ප්‍රමාණයක් පියවීමට තිබෙන නිසාම 2022 වර්ෂය වඩාත් සුවිශේෂී වේ. පවතින ඩොලර් අර්බුදය හමුවේ වුවද පසුගිය 18වැනිදා ඩොලර් මිලියන 500ක වන්දි බැඳුම්කරයක් සඳහා ගෙවීම් සිදු කරනු ලැබීය. එනමුත්, ඩොලර් අර්බුදය හමුවේ කෙතරම් අර්බුදකාරි තත්වයක් රට තුළ මතු කරාවිද? මේ, ඒ පිළිබඳ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන මහතාගෙන් කළ විමසුමකි.

රට මුහුණ දෙන විදේශ විනිමය අර්බුදයට ප්‍රධාන හේතුව විදේශ ණයද?

ශ්‍රී ලංකාවේ විදේශ අංශයේ මේ ඇති වී තිබෙන අර්බුදය දැනට අවුරුදු 10ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව මුහුණ පාමින් තිබෙන දෙයක්. මීට ප්‍රධාන හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශීඝ්‍රයෙන් පිරිහී යාම, ඒ කියන්නේ අපනයන ආදායම ඩොලර් ආදායම් විදිහට වැඩි වුණා. ජාතික ආදායම් ප්‍රතිශතයක් ලෙස ගත්තාම අපනයන ආදායම කලින් 20%ක මට්ටමේ සිට 10%, 11%ක් වගේ මට්ටමකට අඩු වුණා. ඒ අතරතුර මෙරට ආනයන වියදම් ඉහළ ගියා. ඒ නිසා ගෙවුම් ශේෂයේ හිගයක් ඇතිවුණා. මේ ගෙවුම් ශේෂ හිගය ඇතිවීම නිසයි ඩොලර් අර්බුදය ඇතිවෙලා තිබෙන්. එයට රජය විසින් හා පෞද්ගලික අංශය විසින් විදේශයන්ගෙන් ලබාගෙන ඇති ණය බලපා තිබෙනවා. නමුත් මූලික හේතුව ණය නෙවෙයි. ණය ප්‍රශ්නය ඇතිවීමට පෙර ශ්‍රී ලංකාවී විදේශ අංශය උග්‍ර ආර්ථික අර්බුදයකට ලක්වෙමින් තමයි තිබුණේ.

2022 වර්ෂය ආරම්භය වන විට අපේ රට විදේශයට කොපමණ ණයයිද? (රටවල් අනුවවිදේශ මුල්‍ය ආයතන ආදිය)

2021 දෙසැම්බර් 31වෙනිදා වෙනකොට ශ්‍රී ලංකාවේ මුළු ජාතික විදේශ ණය (මධ්‍යම ආණ්ඩුව හා පෞද්ගලික අංශය යන අංශ දෙකම ලබාගත් මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 50ක් පමණ වෙනවා. මෙයින් රාජ්‍ය අංශය ලබාගත් ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක් පමණ වෙනවා. ඉතිරී බිලියන 24 පෞද්ගලික අංශය විසින් ලබාගත් ණයයි. එනම් පොද්ගලික සමාගම් හා බැංකු ක්‍රමය විසින් ලබාගත් ණය ප්‍රමාණයයි. මෙතෙක් ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය අපි ක්‍රම ක්‍රමයෙන් ගෙවලා ඉවර වෙලා තිබෙන්නේ. ඒ නිසා අද නොපියවී ඇති ණය එතරම් බරපතළ ප්‍රමාණයක් නොවේ. ශ්‍රී ලංකාවේ ණය තරීතභාවයෙන් රාජ්‍ය අංශයේ ණය ගැන බැලුවොත්, අමෙරිකානු ඩොලර් බිලියන 36 විශාල ප්‍රමාණයක් එනම් 10%ක් පමණ තිබෙන චීනයෙන් ලබාගත ණයයි. මේ නිසා අපිට කියක්න පුළුවන් රාජ්‍ය අංශය රටවල් හා අපි සලකන බහුජාතික ණය දෙන ආයතන වන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදියෙන් ණය ලබාගෙන තිබෙනවා. ඒ නිසා විවිධාංගීකරණිය වූ ණය ප්‍රමාණයක් අපිට තිබෙන්නේ. අපේ ණයවලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක් පමණම තිබෙන්නේ ශ්‍රී ලංකාව විදේශ වෙළද පොළෙන් නිකුත් කරන ලද ස්වෛරී බැඳුම්කරයි. ඒක තමයි ලොකුම ණය ප්‍රමාණය බවට පත්වෙලා තිබෙන්නේ.

2022 වර්ෂයේ පියවිය යුතු ණය මුදල කොපමණද?

ණය වශයෙන් සැලකුවාම රජය විසින් ලබාගත් ණය පමණක් නෙවෙයි, පෞද්ගලික අංශය ලබාගත් ණයත් අපි ගෙවන්න ඕන. මේකට අපි කියනවා ජාතික විදේශ ණය කියලා.ඉදිරි මාස දොළහ තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇස්තමේන්තු මත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5ක පමණ විදේශ ණය ප්‍රමාණයක් අපිට ගෙවන්න තිබෙනවා (2022.01.18 වැනිදා වරින්ට බැදුම්කරයක් සදහා වු ඩොලර් මිලියන 500 ගෙවා දැමීමෙන් පසුව මේ වර්ෂයේ ඉදිරියට ගෙවීමට ඉතුරුව ඇති ණය ප්‍රමාණය). ඒ ඇමරිකානු ඩොලර් බිලියන 6.5ත් ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක්ම මධ්‍යම ආණ්ඩුව ලබාගත් ඡායයි. ඉතිරී ඇමෙරිකානු ඩොලර් බිලියන 2 1/2 ම පෞද්ගලික අංශ විසින් ලබාගත් ණයයි. මේ දෙකම අපි විසින් මේ වර්ෂය තුළ ගෙවිය යුතුයි. මධ්‍යම ආණ්ඩුවේ ණය පමණක් නෙවෙයි. පොද්ගලික අංශයේ ණය වුණත් නොපියවා හිටියොත් අපි ජාත්‍යන්තරය හමුවී ණය පැහැර හරින රටක් බවට පත්වෙනවා. ඒ අනුව මේ සියලුම ණය ශ්‍රී ලංකාව විසින් ගෙවා දැමිය යුතුයි.

ඩොලර් අර්බුදයක් තිබියදී විදේශ ණය කෙසේ හෝ පියවන්නට හැකි බව රජය සඳහන් කරනවා. එසේ හැකියාවක් තිබේ නම් සිදුකරන ඇතැයි අපේක්ෂා කළ හැක්කේ කුමන ආකාරයකටද?

ඇත්ත වශයෙන්ම විදේශ ණය කියන එක ලබාගන්නා අවස්ථාවේදීම ශ්‍රී ලංකා රජය පිටස්තර ණය දෙන ආයතනවලට පොරොන්දුවක් වී තිබෙනවා, කුමන හේතුවක් නිසා හෝ මේ ණය නොගෙවා පැහැර නොහරින බවට. ඒත් පොරොන්දුව අනුව තමයි ආණ්ඩුවේ පාර්ශ්වය කියන්නේ මේ ණය අපි ගෙවනවා කියලා. නමුත් අපිට විදේශ අංශයේ ණය පමණක් නොවෙයි, අපි ආනයනය කරන්න සිදුවන අත්‍යවශ්‍ය භාණ්ඩ, අමුද්‍රව්‍ය ලෙස ගෙන්වන භාණ්ඩ, ඛණිජ තෙල් වැනි දේවලට ඇති බිල් පවා ගෙවන්න සිදුවෙනවා.මේ ආනයන බිල ඉදිරී මාස දොළහ තුළ සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් පමණ වෙනවා. ඊට අමතරව අපි විවිධ සේවා එනම් අධ්‍යාපන සේවා, සොඛ්‍ය සේවා, අපේ ශිෂයයන් විදේශගතව ඉගෙන ගනී නම් ඒ සඳහා වන වියදම්, අපේ අය විදේශගතව සිදුකර ගන්න වෙද හෙදකම්, විනෝදාංශික සේවා ආදී සියලුම දේටත් අපි ගෙවිය යුතුයි.

මීට අමතරව ලංකාව ගත් විදේශ ණයවල පොලිය, එනම් රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකම විසින් ලබාගෙන ඇති ණයවල පොලියත් ගෙවීය යුතුයි. ඒ වගේම ලංකාවේ වැඩකර විදේශිකයන්ට වැටුප් ආදිය ඔවුන්ගේ රටට යවන්න අවශ්‍ය මුදල් අපි ගෙවන්න අවශ්‍යයි. මේ වියදම්වලට අමතරව තමයි අපිට විදේශ ණය ගෙවන්න තියෙන්නේ. දැන් ගැටලුව වෙලා තිබෙන් මේ සියලු කාරණාවලින් ප්‍රමුඛ ගෙවීම මොකක්ද කියල තෝරා ගැනීම. අපිට විදේශ විනිමය පිළිබද හිගයක් නැත්නම්, මේ කියන ගෙවීම් සියල්ලේ වගකීම් දරන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් අපි අද මුහුණ පා තිබෙන ගැටලුව තමයි විදේශ විනිමය හිගය පිළිබද තිබෙන විශාල ගැටලුව. අපේ විදේශ වත්කම් ශීඝ්‍රයෙන් පහළ වැටී තිබෙනවා. 2021 නොවැම්බර් මාසය වෛදී මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 1600ක්වුණා. නමුත් චීනයත් අතමාරු ක්‍රමයට ලැබුණ යුවාන් ප්‍රමාණය නිසා දෙසැම්බර් 31 වන විට අමෙරිකානු ඩොලර් මිලියන 3100ක් බවට පත්වුණා.

දැන් ජනවාරි මාසයේ ගෙවන්න තිබෙන ණය ගෙවීවට පස්සේ මේක ආපහු ඇමෙරිකානු ඩොලර් මිලියන 2100 මට්ටමට අඩු වෙනවා. මේ නිසා අපිට ඔය සියලුම දේවල් ලබාගත්ත අද පුවක්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි බොහෝ දෙනා කියන් ගාය පැහැර හැරලා රටේ ජනතාවට අවශ්‍ය ආහාර ආදිය ගෙන්වා ගන්නට ඒ මුදල් වැය කරන්න යනුවෙන්, ආහාර,ඖෂධ, හා ඛනිජතෙල් කියන අතවශ්‍ය ද්‍රව්‍ය රටි ජනතාවට ඉතා වැදගත්. ඒ නිසා තමයි සියලුදෙනා මෙවැනි ආකාරයේ අදහස් දක්වන්නේ, ඒ අනුව මේ වෙලාවේ ප්‍රමුඛතාව දැක්විය යුත්තේ කුමකටද යන්න පිළිබඳව මම හිතන විදිහට ඉතාම සූක්ෂම විදිහට කල්පණා කරලා මේ පිළිබද තීන්දුවක් ගත යුතුයි.

මෙලෙස විදේශ විනිමය අර්බුදයක් ඇති අවස්ථාවක ණය ගෙවීමට රටේ සියලු සංචිත යෙදවීවොත් රටේ ආර්ථිකයට කුමක් වේවිද?

ඇත්තටම අපි රටක් විදිහට විදේශ අංශයන් බංකොලොත්වීමක් සිදුවෙනවා. මම පෙර කියූ ආකාරයට අපිට ආනයනය කරන්න අවශ්‍ය බෙහෙත් වර්ග, ආහාර, ඛනිජ තෙල් ආදී අතවශ්‍ය දේවල් ආනයනය කරන්නම අවශ්‍යයි. ඒ සමගම අනෙකුත් වියදම් දරන අතරතුරේදී අපි ණය ගෙවීම් සදහා පමණක් සංචිත භාවිත කළහොත් ඇත්තටම සිදුවෙන් අනෙක් දේවල් සියල්ල කැප කරන්නයි. එතනදී සිදුවන්නේ ණය පහර නොහැර, අනෙකුත් සියලු දේවල් පැහැර හැරීමට සිදුවීමයි. ඒ අනුව දැන් අනකුත් සියලුම දේවල් පැහැර හරින බවයි අපිට පෙනී යන්නෙ.

ගෑස් සම්බන්ධ පෝලිම්වලින්, ෆාමසිවල බෙහෙත්වර්ග නැති වීම තුළින් මේ ගැන අපිට පැහැදිලි වෙනවා. මීළගට අපිට ආහාර ද්‍රව්‍ය ගෙන්වා ගන්න බැරී වුණත් ඒවාට පෝලිම් ඇති. ඛණිජ තෙල්වලට පෝලිම් ඇති වේවි. මේ නිසා ගෙදර තිබෙන රත්තරන් බඩු උගස් කරලා ණය ආපසු ගෙවීම, ඉදිරියේදී සියලුම දේවල් පහර හරින්න සිදුවේවි. මෙතැනදී මම හිතන්නෙ මේ විදිහට රටේ දීර්ඝකාලීන ආර්ථික සංවර්ධනය ගැන කල්පනා කරල බලලා, ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කරන්න අවශ්‍යයි. මේ ප්‍රමුඛතා ලැයිස්තුවේදී කුමන දේට ප්‍රමුඛතාව දෙනවාද යන කාරණය විශේෂයෙන්ම රජය විසින් තීරණය කරලා මේ තිබෙන ඉතාමත්ම සීමිත විදේශ වත්කම් ප්‍රමාණය වෙන් කළ යුතුයි. අද තිබෙන තත්ත්වය හැට්ට ණය ගෙවීම සිදුකරන විට අනිවාර්යයෙන්ම විදේශ වත්කම් ප්‍රමාණය බින්දුව කරා අඩු වී යනවා. එහෙම කළාම රට ඇත්ත වශයෙන්ම බංකොලොත්.

ණය පියවීම සඳහා IMF හෝ වෙනත් රටකින් හෝ තවත් ණයක් ගැනීම සිදුකළ හැකිද? එයින් තවත් අර්බුද නිර්මාණය වීමක් සිදුවේවිද?

IMF එක සම්බන්ධයෙන් වැරදි හැගීමක් බොහෝ දෙනා අතර තිබෙනවා. ඇත්තටම IMF එකත් ණය පියවන්න ණය දෙන්නේ නැහැ. ඔවුන් ලබාදෙන ණය පැහැදිලිව සඳහන් කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලන් ණය ලැබෙත් ශ්‍රී ලංකා මහ බැංකුවට මිසක් ආණ්ඩුවට නෙවෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබෙන්නේත් ශ්‍රී ලංකා මහ බැංකුව අද මුහුණ පා තිබෙන ගෙවුම් ශේෂ අර්බුදය පියවා ගැනීම සදහා තාවකාලික සහනයක් ලෙසයි. නමුත් ඇත වශයෙන්ම IMF එකෙන් ණය ලබාගත් පමණින්ම ගෙවුම් ශේෂ අර්බුදයෙන් ශ්‍රී ලංකාව මීදෙන් නැහැ. එයින් මිදීම සදභා මහ බැංකුවත්,

රජයත් එකතුවෙලා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඇත්ත වශයෙන්ම එය රටේ දැනට තිබෙන සම්පත් ප්‍රමාණය සුරක්ෂිත වන ආකාරයට භාවිත කරලා, රටේ අනාගත සංවර්ධනය සදහා අවශ්‍ය ලෙස ගොඩනැගීමයි සිදුකළ යුත්තේ. ඒ දේ කරන්නේ නැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් ණය අරගෙන අද තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳන්න අපිට බැහැ. ඒකේන් ණය ලබාගැනීම නිසා අපිට පුළුවන්කම ලැබෙනවා තාවකාලිකව හුස්ම ගන්න. එහෙම නොවුණොත් අපිට හුස්ම ගන්නත් බැරීව රටේ තිබෙන ආර්ථිකය අනුව මිය යන්න ඉඩ තිබෙනවා. තාවකාලිකව හුස්ම ගත්තටත් මදි, රටක් විදිහට පෙර සඳහන් කළ ප්‍රතිසංස්කරණ මාලාව රජයත්, මහ බැංකුවත් යන දෙකම එකතුව වහාම ක්‍රියාත්මක කළ යුතුයි. එය ක්‍රියාත්මක නොකළොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ඡාලය ලබාගත්තා කියලා අපේ රට, රටේ තිබෙන ණය අර්බුදයට විසදුම් ලැබිලා හුස්ම ගන්න ලැබෙන එකක්

ණය උගුලෙන් ගැලවෙන්නට මේ අවස්ථාවේ අපේ රට අනුගමනය කළ හැකි හොඳම ක්‍රියාමාර්ග මොනවාද?

මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන එක ඉතාමත්ම ප්‍රමාද වැඩියි. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි ගියොත් එහෙම තව මාස හයක් පමණ කාලයක් ගත වෙනවා ඒ ණය අනුමත කර ගන්න. අපිට අද තිඛන ප්‍රශ්නය තමයි ඒ මාස හය නැත්නම් ජූලි මාසය දක්වා අපි කොහොමද ලංකාව පවත්වාගෙන යන්න කියන එක. මොකද හේතුව විදේශ වත්කම් ඉතාම පහළ මට්ටමක තිබෙන්නේ, ඒ එක්කම ණය නැවත ගෙවීම සඳහා විශාල මුදලක් එකතු වී තිබෙනවා. ඒ සමගම රටේ අභ්‍යන්තරයේ කාෂිකර්මය ආදී නිෂ්පාදන පිරිහී යැම නිසා ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් පිටරටින් ආනයනය කරන්න සිදුවෙලා තිබෙනවා. ඛනිජතෙල් ආනයනය කරන්න සිදුවෙනවා. මේ සියලු කාරණා බැලුවාම අද මේ මොහාතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන එක ප්‍රමාද වැඩියි. අද අපි කරන්නෙ ඕන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන අතරතුර, දියේ ගිලන්නේ නැතිව වතුර උඩ තබාගන්න පුළුවන් ක්‍රමයක්. ඒ කියන්නේ තාවකාලික වශයෙන් සහන සැලැස්මක් තබාගැනීම. ඒ සඳහා ඉන්දියාව, චීනය වැනි රටවල්වලින් නම් මිත්‍ර රටවල්වලින් හය ගැනීම සිදුකළ යුතුයි.

රජය මේ ගැටලුවට පිළියම් සොයන අවස්ථාවක, රටේ මහජනතාවට යමක් සිදුකළ හැකිද?

අපි ඇත්තටම දැන් ඉදිරියට හිගන්නන්ගේ තත්වයේ. හිගන්නන්ට උණු බත් ලබාගන්න පුළුවන්කමක් නැහැ. අන්න ඒ කාරණය අපි තේරුම්ගත යුතුයි. ඉදිරි මාස දොළහ ඇතුළත ජනතාව, විශේෂයෙන් ජනාධිපතිවරයාගේ සිට ඉතාමත්ම පහළ මට්ටමේ පුද්ගලයා දක්වා සියලුදෙනාම ඉතාමත්ම අසිරු හා අසීමිත කැප කිරිමක් සිදුකරන්න සූදානම් විය යුතුයි. එසේ නොකොලොත් සිදුවන්නේ උග්‍ර ආර්ථික ගැටලුවකට මුහුණාපාලා ලංකාව ලෙබනනය, තුර්කිය වගේ තත්වයකට පත්වීමයි. ඒ නිසා මහජනතාව මේ තත්වය අවබෝධ කරගන්න අවශයයි. ඒවගේම මහ බැංකුව වැනි ආයතන සුන්දර වචනවලින් තිබෙන තත්වය නගාසිටුවා ප්‍රකාශ කරනවා වෙනුවට,

සත්‍ය තත්වය රටේ ජනතාවට ප්‍රකාශ කරලා. ජනතාවගේ සහය මේ සදහා ලබා ගැනීමයි සිඳුකළ යුත්තේ. නමුත් අපිට පෙනී යන්නේ සෑම අවස්ථාවකම මහ බැංකුව වැනි ආයතන කරන්නේ මෙවැනි දෙයක් නෑ කියලා වචන කටිටලයකින් ජනතාව පිනවීමයි. ඇත්ත වශයෙන්ම රට ඉතාමත් උග්‍ර ආර්ථික අර්බුදයකට ලක්වෙලයි තිබෙන්නේ. 1971 වර්ෂයේ මෙවැනි තත්වයක් ලංකාවේ තිබුණා. ඒ වෙලාවේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා ගුවන් විදුලිය හරහා ජාතිය අමතලා ප්‍රකාශ කළා “අද අපි ඉන් ගිනිකන්දක් උඩ. එය ඕනෑම මොහොතක පුපුරා යන්න පුළුවන්. ඒ නිසා සියලු දෙනා එකතු වෙලා මේ ගිනි කන්දේ පිපිරීම වළක්වා ගන්න කටයුතු කර රට බේරා ගැනීමට කටයුතු කළ යුතුයි” යනුවෙන්. මම හිතන්නේ වර්තමානයේ ඇතිවී තිබෙන මේ තත්ත්වය දේශපාලන අධිකාරිය විසින් ඉතාමත් නිර්ෂයව රටට ප්‍රකාශ කළ යුතුයි.

(නදිශානි පතිරණ – ADA සාකච්ඡාව ඇසුරිනි)

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *