නැගෙනහිර විවෘත කසළ රඳවනය නිසා තවත් අලි දෙන්නෙක් මියගොස්

නැගෙනහිර විවෘත කසළ රඳවනය නිසා තවත් අලි දෙන්නෙක් මියගොස්

නැගෙනහිර විවෘත කසළ රඳවනය නිසා තවත් අලි දෙන්නෙක් මියගොස්

අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලක්කාඩු ගම්මානයේ කුණු කන්දේ ප්ලාස්ටික් කුණු ආහාරයට ගැනීම කාලයක් තිස්සේ ගැටලුකාරී ව්‍යසනයක් මතු කර තිබෙන අතර ගෙවුණ සති අන්තයේ තවත් අලි දෙදෙනකු මියගොස් සිටියදී හමුවී තිබේ.

මෙම ස්ථානයේ කසළ ආහාරයට ගත් අලි ඇතුන් 20ක් පමණ පසුගිය වසර අට තුළ මිය ගොස් ඇත. නැගෙනහිර ශ්‍රී ලංකාවේ විවෘත කසළ රඳවනයක ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා එම කලාපයේ අලි ඇතුන් මිය යන බවට සංරක්ෂණවේදීන් සහ පශු වෛද්‍යවරුන් කාලාන්තරයක් තිස්සේ අනතුරු අඟවා තිබුණි.

මියගිය සතුන් පරීක්ෂා කිරීමේදී ඔවුන් කුණු කන්දේ ඇති දිරාපත් නොවන ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් ගිල දමා ඇති බව වනජීවී පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පැවසීය.
“පොලිතීන්, ආහාර දවටන, ප්ලාස්ටික්, දිරවන්නේ නැති වෙනත් ද්‍රව්‍ය සහ ජලය පමණක් පශ්චාත් මරණ පරීක්ෂණවලදී අපට දැකගත හැකි වුණා. අලි ඇතුන් අනුභව කරන සහ දිරවන සාමාන්‍ය ආහාර එහි පැහැදිලිව පෙනෙන්නට තිබුනෙ නැහැ‘ ඔහු පවසා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *