කොවිඩ් නිසා රටවල් 153කට තහනම් වන හොංකොං ගුවන්තොටුපොළ

කොවිඩ් නිසා රටවල් 153කට තහනම් වන හොංකොං ගුවන්තොටුපොළ

කොවිඩ් නිසා රටවල් 153කට තහනම් වන හොංකොං ගුවන්තොටුපොළ

හොංකොං ගුවන්තොටුපොළ හරහා වෙනත් රටවලට සංක්‍රමණය වීමට පැමිණෙන මගීන් රැගත් ගුවන්යානා තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. කොවිඩ් වසංගතයේ දැඩි අවදානමට හේතුවෙන් වසංගතය ව්‍යාප්ත වූ රටවල් 153කට මේ තහනම පනවා ඇති අතර, එය මේ මස 16 වැනිදා සිට පෙබරවාරි මස 15 වැනිදා දක්වා ක්‍රියාත්මක බවත් වාර්තා වේ.

ගෝලීය වශයෙන් කොවිඩ් වසංගතය ව්‍යාප්ත වූ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා වසංගතයට සාර්ථකව මුහුණ දෙන රටක් වශයෙන් ප්‍රකට හොංකොං හි මේ දක්වා වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 13,016ක් පමණි. මරණ සංඛ්‍යාව ද 281ක් වන අතර, ගෝලීය කොවිඩ් වසංගතයේ යාවත්කාලීන ලැයිස්තුවේ පසුවන්නේ 175 වැනි ස්ථානයේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *