තව දින 12කට පෙට්‍රල්; දින 14කට ඩීසල් මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුයි – උදය ගම්මන්පිල

ඉන්ධන ගබඩා ටැංකි ස්ථාපනය කරගෙන ඇති ව්‍යාපාරික ආයතන 2100ක්

ඉන්ධන ගබඩා ටැංකි ස්ථාපනය කරගෙන ඇති ව්‍යාපාරික ආයතන 2100ක්

තව දින 12ක් සඳහා පෙට්‍රල්ද දින 14ක් සඳහා ප්‍රමාණවත් ඩීසල්ද මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගොඩබෑමට නොහැකිව තිබූ පෙට්රල් මෙට්‍රික් ටොන් 37,000 නෞකාවක් සහ ඩීසල් නෞකා දෙකක් මේ වන විට ගොඩබෑමට මුදල් ලැබී ඇති බැවින් මෙම කාලය තුළ ගැටලුවක් නොමැතිව ඉන්ධන සැපයීමට හැකි බව හෙතෙම සඳහන් කළේය.

මේ මාසයේ ඉන්ධන සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩොලර් මිලියන 200ක අඩුවක් පැවතියේ ය.

එය මුදල් ලැබෙන ප්‍රමාණය අනුව නිදහස් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් තවදුරටත් විදුලිය කප්පාදු කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *