2021 වසරේදී මත්පැන් බලපත්‍ර 150ක් නිකුත් කරලා

2021 වසරේදී මත්පැන් බලපත්‍ර 150ක් නිකුත් කරලා

2021 වසරේදී මත්පැන් බලපත්‍ර 150ක් නිකුත් කරලා

මත්පැන් බලපත්‍ර 150ක් පසුගිය වසරේදී (2021) ලබාදී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මින් බලපත්‍ර වැඩිම ප්‍රමාණයක් නිකුත් කරනු ලැබ ඇත්තේ සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සහ අවන්හල් සඳහාය. එම සංඛ්‍යාව 81කි.
ඊට අමතරව සුපිරි වෙළෙඳසල් සඳහා බලපත්‍ර 69ක් පසුගිය වසරේදී නිකුත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවැසීය.

කෙසේ වෙතත් සාමාන්‍ය මත්පැන් අලෙවිසල් (නගරවල) විවෘත කිරීමට එකම බලපත්‍රයක් හෝ 2015 වසරෙන් පසු නිකුත් කර නැතැයිද හෙතෙම සඳහන් කළේ‍ය.

මේ අතර මත්පැන් අලෙවිසල්වල මත්පැන් බෝතල්වල ස්ටිකර් හෝ ඩිජිටල් සලකුණු ඇතුළත් කිරීමේ කටයුතු ලබන සතියේදී අරඹන බව පැවසූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මත්පැන් නිෂ්පාදනාගාරවල මත්පැන් බෝතල්වල ස්ටිකරය ඇලවීමේ කටයුතු ආරම්භ කර කරගෙන යන බවද පැවසුවේය.

ලබන අප්‍රේල් මස 1 වැනිදායින් පසු මෙරට වෙළෙඳපොළේ ස්ටිකරය හෝ ඩිජිටල් සලකුණ නොමැති මත්පැන් බෝතල් තිබිය නොහැකි බවත් බදු නොගෙවන සහ ප්‍රමිතියක් නැති මත්පැන් බෝතල් වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බවත් ගුණසිරි මහතා කීවේය.

ප්‍රමිතියක් නැති මත්පැන් බෝතල් සියයට හතක් පමණ වෙළෙඳපොළේ පවතිය හැකි බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

– lankadeepa

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *