රටේ ණය කන්ද තවත් උස යයි ද? – ජනපති චීන ඇමතිගෙන් කළ භයානක ඉල්ලීම

මෙරට ආර්ථිකය ගොඩගැනීම සඳහා චීනයෙන් ලබාගත් ණය ආපසුගෙවීම ප්‍රතිව්‍යුහගක කිරිමේ හැකියාව කෙරෙහි අවධානය යොමුකරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන විදේශ අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීම ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළට දීපු ඉතාම භයානක රතු එළියක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස් බුක් පිටුවට සටහනක් එක්කරමින් මෙසේ සඳහන් කර ඇත.

චීන විදේශ ඇමැතිවරයා මුණගැසුණු ජනාධිපතිවරයා චීනයෙන් ගත් ණය ගෙවීම සඳහා කල් ලබා දෙන ලෙස චීන විදේශ ඇමැතිවරයාගෙන් ඉල්ලලා තියෙනවා. මේක අපේ රටට දැන් ණය ගෙවීමේ හැකි‍යාවක් නැහැ කියලා මූල්‍ය වෙළෙඳපොළට දීපු ඉතාම භයානක රතු සංඥාවක්. මේ ඉල්ලීම මූල්‍ය වෙළෙඳපොළ අපිව තව තවත් පහළට හෙලන්න හේතුවෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *