මේ වගේ දුෂ්කර කාලයක් මේ රටේ ඉතිහාසයේ නැහැ මතක ඇති කාලෙක – වාසුදේව නානායක්කාර

පක්‍ෂ දහයේ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එරෙහිව පුළුල් පෙරමුණක්

පක්‍ෂ දහයේ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එරෙහිව පුළුල් පෙරමුණක්

මෙතරම් දුෂ්කර කාලයක් මේ රටේ ඉතිහාසයේ මතක ඇති කාලෙක නොතිබූ බව ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ මාවතගතම ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

හෙතෙම එහිදී මෙසේද පැවසීය. “අග්‍රාමාත්‍යතුමාගේ නම නොමැකෙනා අකුරින් මේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියැවීමට හේතුවන කාරණා ගණනාවක් තිබෙනවා. ඉතාමත් දුප්පත් පීඩිත ජනයා අතරට ගිහිල්ලා ඔවුන්ගේ දුක සැප විමසා ඔවුන් වෙනුවෙන් මේ රටේ නොයෙක් නීති සම්පාදනය කරමින් මේ රටේ ජනතාව වෙනුවෙන් සෙත සැලසූ, ඒ වගේම මේ රටේ ජාතික උරුමය, ජාතික නිදහස රැකගන්න එතුමා දුන් නායකත්වය, මීට අමතරව මේ රටේ ජාතික හැඟීම් පුබුදුවන්න එතුමා අපිට දුන් නායකත්වය. මේ සියල්ලෙන්ම එතුමාගේ නම රන් අකුරෙන් ලියැවෙන නමක් හැටියට ඉතිහාසයට එකතු වේවි.

මේ අවුරුදු දෙක මේ රටේ ඉතාම දුෂ්කර කාලයක්. මේ වගේ දුෂ්කර කාලයක් මේ රටේ ඉතිහාසයේ නැහැ මතක ඇති කාලෙක තිබිල නැහැ. ඒ නිසා අපට මේ වසරේ අලුත් ගමනක ආරම්භයක් තිබෙන්නේ. අපේ රටේ පොදු ජනතාවට ඇති බලපෑම් හැම එකකම පීඩනය අවම කිරීමට, පීඩනය තුරන් කිරීමට මේ රටේ වැඩ කරන ජනතාවට ගොවි ජනතාවට ඔවුන්ගේ බලාපොරොත්තුවන සහනය ඔවුන් බලාපොරොත්තුවන ඔවුන්ගේ ජයග්‍රහණය මේ වසරේ අපිට ලබාදෙන්නට හැකිවේ යැයි විශ්වාස කරනවා”.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *