ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2022 ක්‍රිකට් කාලසටහන

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2022 ක්‍රිකට් කාලසටහන

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2022 ක්‍රිකට් කාලසටහන

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරට අදාළව තරඟ කාලසටහන නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වසරේ දී ඉතාමත් කාර්ය බහුල ජාත්‍යන්තර කාලසටහනක් ලැබී තිබෙනවා.

ඒ අනුව 2022 දී ශ්‍රී ලංකාව අවම වශයෙන් එක්දින තරග 11ක්, ටෙස්ට් තරග 8ක් සහ විස්සයි විස්ස තරග 11ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. විස්සයි විස්ස ආසියානු කුසලානයක් සහ විස්සයි විස්ස ලෝක කුසලානයක් ද ඒ අතරට අයත් වෙනවා.

එහි ආරම්භක තරගාවලිය ලෙස සිම්බාබ්වේ කණ්ඩායම මේ මස 10 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. එම තරගාවලිය සඳහා එක්දින තරග තුනක් ඇතුළත් වෙනවා.

ඊට අමතරව ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය මෙරටට පැමිණීමට නියමිතව සිටින අතර ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ ද ශ්‍රී ලංකාවයි.

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන යන තරගාවලි 2022 වසරේ ශ්‍රී ලංකාවෙන් එපිට පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි වෙනවා.

‘2022 සැලසුම් කළ ක්‍රිකට් දින දර්ශනය සාර්ථකව සම්පූර්ණ කළ හැකි නම් එය අපේ ක්‍රිකට් ක්‍රීඩාවට විශාල ශක්තියක්. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ලෝක වේදිකාවේ ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලැබෙනවා”, යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

2022 වසරේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර තරග කාලසටහන

2022 ජනවාරි – සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය – එක්දින තරග 3
2022 ජනවාරි – පෙබරවාරි – ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය – විස්සයි විස්ස තරග 5
2022 පෙබරවාරි – මාර්තු – ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය – විස්සයි විස්ස තරග 3, ටෙස්ට් තරග 2
2022 මැයි – ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය – ටෙස්ට් තරග 2
2022 – ජුනි – ජුලි – ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය – විස්සයි විස්ස තරග 3, එක්දින තරග 5, ටෙස්ට් තරග 2
2022 ජුලි – අගෝස්තු – පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය – එක්දින තරග 3, ටෙස්ට් තරග 2
2022 අගෝස්තු – සැප්තැම්බර් – ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය (ශ්‍රී ලංකාවේ දී)
2022 – ඔක්තෝබර් – නොවැම්බර් – ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය (ඕස්ට්‍රේලියාවේ දී)
2022 දෙසැම්බර් – 2023 ජනවාරි – ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය – තරග ප්‍රමාණය තවමත් තහවුරු වී නැහැ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *