ලඟදීම බරපතල විදුලිය අර්බුදයක් රට තුල – නොරොච්චෝලේ බලාගාරයත් වැසෙන ලකුණු

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීම සඳහා ලියාපංදිචි වී සිටින ජාත්‍යන්තර සමාගම් එම කටයුත්තෙන් ඉවත්වීම නිසා නුදුරේදීම බරපතල විදුලිය අර්බුදයක් ඇතිවිය හැකි බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

මේ වනවිට බොර තෙල් සපයා ගැනීමට ඩොලර් නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබේ. නොරොච්චොලේ බලාගාරයට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 650,000ක හිඟයක් මේ වන විට ඇති වී තිබෙන බව කැබිනට් පත්‍රිකාවකින් හෙළිකර ඇත. විදුලි බල ඇමති උදය ගම්මන්පිල දෙසැම්බර් 17 වෙනි දින ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක මෙම තොරතුරු ඇතුලත් කර තිබේ.

මෙරටට ගල් අඟුරු සැපයීම සඳහා ලියාපංචිවී සිටින සැපයුම්කරුවන් මෙයට පෙර අවස්ථා දෙකකදී ටෙන්ඩර් ඉදිරිපත් කර නොමැති බව එම පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් ය. මේ අතර ස්විට්සර්ලන්තයේ SUEK AG නම් සමාගම පමණක් අධික මිල ගණන් යටතේ ගල් අඟුරු සැපයීමට ඉදිරිපත්වී ඇත. ජාත්‍යන්තර වෙළඳපොලේ ඩොලර් 215.55කට පවතින ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් සඳහා මෙම සමාගම ඩොලර් 270.89ක මිලක් ඉදිරිපත් කර තිබේ.

එම මිල ගණන් කිසිසේත්ම අනුමත නොකරන බව සමාගම දන්වා ඇති අතර පවතින අර්බුදය හේතුවෙන් මෙම අධික මිල ගණන්වලට ස්විට්සර්ලන්තයේ SUEK AG සමාගමෙන් ගල් අඟුරු මෙට්‍රික් ටොන් 480,000ක් ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 130ක මුදලක් අනුමත කරන ලෙස අදාළ කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලා සිටී.

ගල් අඟුරු මෙට්‍රික් ටොන් 650,000ක හිඟයක් පවතින බව එම පත්‍රිකවෙන් පැහැදිලිව දක්වා ඇති අතර හදිසි මිලදී ගැනීම් වශයෙන් මෙට්‍රික් ටොන් 480,000ක් ලබා ගැනීමට ඉදිරිපත්වීම තුළින් විදුලි බල උත්පාදනය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක ගැටළුවක් මතුවී ඇති බව තහවුරු වේ.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *