වතුර බිලත් ලඟදීම ඉහලට

ගෘහස්ත ජල පරිභෝගිකයින් වෙත ලබා දී තිබූ 10%ක වට්ටම ඉදිරියේදි අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල බිල්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පවසයි.

2014 අයවැය යෝජනාවට අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ මෙම සහනය නිසා ශ්‍රී ලංකාවේ ජල පාරිභෝගිකයින් සියයට 75 ක් පමන එනම් හතරෙන් තුනකට පමණ විශාල වාසියක් හිමි විය. ඒ මාසික ජල පරිභොජනය ජල ඒකක 25ට අඩුවෙන් පාරිභෝජනය කරනු ලබන පිරිස වෙනුවෙනි. ඒ අනුව ජල බිල්පතට 10%ක වට්ටමක් මේ දක්වා ලබාදී තිබුණි.

මෙලෙස සහනයක් ලබා දීම හේතුවෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට දැවැන්ත පාඩුවක් සිදු වන බව ජල බිල්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පවසන අතර එය මාසිකව රුපියල් මිලියන 90ක අලාභයක් බව ඔහු පවසයි. එම අලාභය සලකා බලා ජලබිල්පත සදහා ලබාදෙන 10%ක වට්ටම අත්හිටවීමට තීරණය කළ බවත් එය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඒ අනුව ඉදිරියේදී ජල පාරිභෝගිකයින්ගේ ජල බිල්පත සැලකිය යුතු මට්ටමින් ඉහළ යෑමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *