2021 වර්ෂයේදී නාවික හමුදාව මඟින් රුපියල් බිලියන 15කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට
කෝටි 50ක් වටිනා මත්ද්‍රව්‍ය සමග 4ක් අත්අඩංගුවට
නාවික හමුදාව පසුගිය වසරේ දී සිදුකළ මෙහෙයුම්වලින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැයේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීමේ අරමුණෙන් නාවික හමුදාව පසුගිය වසරේදී මෙරට සාගරික වපසරිය තුළ මෙන්ම ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක වැටලීම්වලින් මෙම මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවස්ථා 74 කදී සිදුකළ මෙහෙයුම්වලින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝගෑම් 1268ක් පමණ නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා.
දේශීය සැකකරුවන් 119 දෙනෙකු සහ විදේශීය සැකකරුවන් 22 නෙකුද එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවස්ථා 151කදී සිදුකළ මෙහෙයුම්වලින් කේරල ගංජා කිලෝගෑම් 7095 ක් සහ සැකරුවන් 193 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය කිලෝගෑම් 158 කට වැඩි ප්‍රමාණයක්ද අවස්ථා 73කදී අත්අඩංගුවට ගැනුණා.





